ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය මේ වනවිට බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
මේ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියල්ලන් දැවී රැස්කලේ ලකුණු 222ක් පමණයි.
දෙවන කඩුල්ලට ලකුණු 47ක් එක්කරන්නට ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් සමත්වුණා.
ධනංජය ලකුණු 19කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 68යි
ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ උත්සහයක නිරත වූ රොෂේන් සිල්වා ලකුණු 56යි.
අද ටෙස්ට් වරම් දිනාගත් අකිල ධනංජය ලකුණු 20යි.
පන්දු යැවීමේදී කලකට පසු ටෙස්ට් පිටියට පිවිසි අබ්දුර් රසාක් සහ තයිජුල් ඉසලාම් කඩුලු 4 බැගින් දවගත්තා