28 හැවිරිදි තරුණයෙකුගේ හදවතක් බද්ධ කළා...
සචිනිගේ වැඩිමහල් සහෝදරිය ද හදවත් රෝගී තත්ත්වයක් නිසා මියගිහින්....
මෙරට දෙවන හදවත් බද්ධ සැත්කම සිදුකෙරුණු 19 හැවිරිදි තරුණිය මහනුවර මහරෝහලේදී මිය ගොස් තිබෙනවා. ඒ, සැත්කමට ලක්වී දින 04කට පසුයි.
පසුගිය බදාදා ඇයට මෙම සැත්කම සිදුකෙරුණු අතර අනතුරුව ඇය මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.
සචිනි සෙව්වන්දි නැමැති මෙම තරුණියට බද්ධ කෙරුණේ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් නලින්ද බණ්ඩාර සකලසූරිය නැමැති 28 හැවිරිදි තරුණයෙකුගේ හදවතක්.
අලුත්ගම - කළුවාමෝදර - සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සචිනිගේ වැඩිමහල් සහෝදරිය ද හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට පෙර මියගොස් තිබුණා.
මහනුවර ශික්ෂණ රෝහලේදි පළමු හදවත් බද්ධ සැත්කම සාර්ථකව සිදුකෙරුණේ මීට මාස දෙකකට පමණ පෙරයි.
කෙසේ වෙතත්, දෙවන හදවත් බද්ධ සැත්කම පසුගිය මස 19 වන දා සිදුකිරීමට නියමිතව තිබූ නමුත් එය පසුවට කල් දැමීමට වෛද්‍යවරුන්ට සිදුවුණේ උපකරණ හිඟයක් හේතුවෙන්.
පසුව ඉකුත් බදාදා මෙම සැත්කම සිදුකෙරුණේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන්.