යක්කලමුල්ල- මානකඳුර ප්‍රදේශයේ පදිංචි දොළමුල්ලගේ සුනිල් මහතාගේ නිවස අසළ විශාල ප්‍රමාණයේ යෝධ බිමිමලක් පිපී ඇති බව වාර්තා වනවා.
අඩි පහක විශ්කම්භයකින් යුත් මෙම යෝධ බිම්මල උසින් අඟල් දහසයක්.
මෙම බිම්මලේ පෙති හැටකින් පමණ සමන්විතයි.
මෙම බිම්මල වසර තුනකට පමණ පෙර කපා දැමූ හල්මිල්ල ගසක මුලක් ආශ්‍රිතව සෑදී ඇති අතර මාස දෙකක පමණ කාලයක සිට මෙම බිම්මල වැඩී ඇති බවද ගෙහිමි සුනිල් මහතා කියා සිටියා.