අපි කළ පිං පව් දෙක අනූව යළි මිනිස්සු වෙලා උපදිනවා කියන කතාව ඇත්ත කියලා මේ සමාජයේ සිදුවෙන දේ අසද්දී දකිද්දී කාටත් හිතෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ වයස අවුරුදු 16ක ගැහැණු ළමයෙක් ගැනයි.
ඇය නමින් Shalini Yadav. ඉන්නේ ඉන්දියාවේ. ඇය කොයිතරම් අවාසනාවන්තද කියලා මේ කතාව අසු කෙනෙකුට හිතෙන්න පුළුවන්. නයෙක් වගේ සති හයකට වරක් හැව අරිනවා. ඇයගේ මුළු ශරීරයම නයෙකුගේ සම වගෙයි.
සෑම දිනකම පැයකට වරක් ඇය ස්නානය කළ යුතුව තිබුණා සම ඝන වෙන නිසා. ඇයව පාසලෙන් සමාජයෙන් පවා ප්‍රතික්ෂේප වුණා. වර්ෂ ගණනාවක් මේ විදිහට ජිවත් වුණු ඇයට ලන්ඩන් අරමුදලකින් වියදම් කරනවා සැත්කමක් සිදු කරගන්න.
විදෙස් මාධ්‍යවල මේ දරුවා ගැන පල වූ පුවත් දැක ස්පාඤ්ඤ වෛද්‍යවරයෙක් ඇයට සැත්කමකින් රෝගය සුව කරන්න කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒ අනුව පසුගියදා ඇය ස්පාඤ්ඤයට යනවා සැත්කම කරන්න. සාර්ථක ලෙස සැත්කම නිම වූ නිසා ඇය වාසනාවන්ත වුණා නිරෝගිමත් දරුවෙකු ලෙස යළිත් සමාජයට එන්න.
ඇය සතුට ප්‍රකාශ කරන්නේ මෙහෙමයි" මම නොවිසිල්ලෙන් ඉන්නේ මගේ ගෙදරට යන්න. මගේ රටට යන්න. මාව පිළිකුලෙන් පිළිගත්ත අයට දැන් මම සුවෙන් කියලා පෙන්නන්න මට ඕන. මගේ ගෙදර අයගේ සතුට දකින්න මට ඕන.."යනුවෙන් ඇය පවසනවා.