"දරාගන්න කියාදෙන්න ඇවිත් යන්න එන්න දෙයියනේ"
"අනේ චුට්ටක් ඇවිත් යන්න එන්න රත්තරන් අයියේ"
පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකදී ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ගෙලවැලලාගෙන මියයාම සම්බන්ධයෙන් කලාකරුවන් මෙන්ම ඔහුගේ රසිකයින් බොහෝ සෙයින් කම්පා වනවා.
28 හැවිරිදි වියේ පසුවූ දසුන් ඊයේ (25) ගෙලවැලලාගෙන මියගොස් තිබුනා.
ඔහු හිරු ටීවී ඔස්සේ විකාශය වන "කව්රුන්ද නුඹ මගේ" නාට්‍යටද රංගනයෙන් දායක වූ අතර මියුසික් වීඩියෝ රැසකටද ඔහු රංගනයෙන් දායක වී සිටි අතර බොහෝ දෙනාගේ හිත දිනාගැනීමටද සමත් වූ කෙනෙක්.
මේ අතර දසුන් නිශාන් ගෙලවැලලාගෙන මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සියල්ල රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙනවා.
පන්නිපිටියේ නවතැන්පොලක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් තිබෙන්නේත් එම කාමරයේදීමයි.