වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හැටන් නුවර එලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ ටිපර් රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර අනතුරෙන් ඔහුට හානියක් සිදුව නොමැති බවයි අප වාර්තා කරු ප්‍රකාශ කළේ.
අද අලුයම 2ට පමණ අදාළ අනතුර දිඹුල දමිළ විද්‍යාලය අසලදී සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ මාර්ගයේ අධික මීදුම් තත්වයක් පැවති බවත් එක්වරම මාර්ගය හරහා වල් ඌරු රංචුවක් ගමන් කළ බවත් වල් ඌරන් බේරීමට උත්සහ ගැනීමත් සමඟ ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගිය බවටයි රියදුරු ප්‍රකාශ කර ඇත්තේ.
අනතුරෙන් මාර්ගයේ ආරක්ෂක වැටද සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.