බේරුවල මුහුදේදී අනතුරට ලක් වූ බෝට්ටුවේ මියගිය සංඛ්‍යාව මේ වන විට 12 දක්වා වැඩි වී ඇති බව වාර්තාවනවා.
අනතුරට ලක් වී කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.
ඉකුත් 19 වෙනිදා බේරුවල ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නිමිත්තෙන් පැවති බෝට්ටු පෙරහරක් අතරතුදී මෙම අනතුර සිදුවුණා.
අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙකු එදින මියගිය අතර තවත් පුද්ගලයින් 27දෙනෙකු පමණ බේරුවල සහ නාගොඩ රෝහල්වල ප්‍රතිකාර ලබා ඇත. එසේ ප්‍රතිකාර ලබමින් සිටි එක් පුද්ගලයෙකුයි අද දින මියගොස් තිබෙන්නේ.