Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
07
මිස් කෝල් එකක් නිසා තව චුට්ටෙන් පවුලම ඉවරයි.. ඉංග්‍රීසි නොදත් බිරිඳ නිසා ඔහුට වෙන්න ගිය ඇබැද්දිය මෙන්න..

- මිස් කෝල් එකක් නිසා තව චුට්ටෙන් පවුලම ඉවරයි.. ඉංග්‍රීසි නොදත් බිරිඳ නිසා ඔහුට වෙන්න ගිය ඇබැද්දිය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

752 Views

අනේ මෙහෙමත් අලකලංචියක්. හරි හැටි ඉංග්‍රීසි නොදන්නා බිරිඳ නිසා අවසානයේ ඔහුට වුණේ මෙන්න මේ වගේ දෙයක්.


ඉංග්‍රීසි භාෂාව නිවරැදි ලෙස හසුරුවා ගත නොහැකි වු බිරිඳක සිය සැමියාගේ ජංගම දුරකතනයේ සටහන්ව තිබූ මිස් කෝල් යන්න "මිස්ගේ " කෝල් එකක් ලෙස වැරදියට වටහා ගැනීම නිසා නිවස තුළ ජංජාලයක් ඇති වූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වෙයි.

එය කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා සුන්දර වූ නමුත් දුෂ්කර ප්‍රදේශයක පිහිටි ගම්මානයක්. මෙහි පදිංචි මැදි වියේ පුද්ගලයකු සිය පවුල නඩත්තු කිරීම සඳහා කුලී වැඩ කළද ගමේ සියලු පොදු කටයුතුවලට සියල්ලට කලින් දායක වෙයි. මේ නිසාම ගමේ රාජකාරි කරන සියලු රාජ්‍ය නිලධාරීන් මේ පොදු කටයුතුවලදී උදව්වට එක් කර ගන්නේ මොහුයි.

මෙසේ සිටියදී මෙම ගමට මෑතකදී තරුණ වියේ කාන්තාවක රාජකාරියක් සඳහා පත්ව ආවා. ඉතා ප්‍රියමනාප පෙනුමකින් යුත් ඇය සියල්ලන්ටම නිතර සිනාමුසුව කතා කර ඔවුන්ගේ සිත් දිනා ගත්තා. ඒ නිසාම ගමේ සියලු දෙනා ඇය මිස් යනුවෙන් ගෞරවාන්විතව ඇමතුවා. ඇයගේ ගමේ රාජකාරි සඳහා ද පෙර කී පුද්ගලයා සියල්ලන්ටම මුලින් ඉදිරිපත්ව සහාය ලබා දුන්නා.

මිස්ගේ ගමේ ඕනම රාජකාරියක් සඳහා ඔහු සහාය ලබා දෙන්නේ තමන්ගේ වැඩද පාඩු කර ගනිමින්. ඔහු ඒ සියල්ල සිදු කරනුයේ ගමේ දියුණුව අපේක්ෂාවෙනි ඔහුගේ බිරිඳ එතරම් මෙයට කැමැති වූයේ නැත.

සැමියාට ඇති අසීමිත ආදරය නිසා ඇය සිය සැමියා වෙනත් ශාන්තාවක සමඟ කතා කරනවාට පවා අකමැති වුණා. එතරම් අධ්‍යාපනයක්ද ලබා නොතිබූ ඇය ඒ නිසාම සිය සැමියාට නිතර දොස් කියන්නට වූවා.

එසේ වුවද ඒ සෑම අවස්ථාවකම ඔහු සිය බිරිඳට මිස්ගේ හොඳ ගති ගැන කියමින් මිස් එතෙමයි. මිස් මෙහෙමයි කිය කියා මිස් ගැනම කියන්නට වුණා. බිරිඳට මෙය හිසරදයක් වූවා පමණක් නොව ඇය තම සැමියා මිස් ගැන ඕනවට වඩා හිතන බවද සිතුවාය. මෙසේ කාලය ගත වෙද්දී සිය සැමියාගේ දුරකතනය නාද වුණා. ඒ අවස්ථාවේ බිරිඳ ඒ අසලට එන අතරතුරදී එක් වරම ජංගම දුරකතනයේ නාදවීම නැවැතුණා.

මේ ගැන සැක සිතු බිරිඳ එක් වරම සැමියාගෙන් ජංගම දුරකතනය උදුරා ගෙන බලාගෙන ගියා. ඉංග්‍රීසි භාෂාව ගැන ඒ තරම් දැනුමක් නොතිබූ ඇය ජංගම දුරකතනයේ ඉංග්‍රීසියෙන් සටහන්ව තිබූ " මිස් " කෝල් යන්න මිස් ගේ කෝල් එකක් ලෙස වරදවා වටහා ගැනීම නිසා සැමියාට එදින පුරාම බිරිඳගේ දෝස්මුරයට මුහුණ දෙන්නට වුණා.

පසුව දීර්ඝ වේලාවකට පසුව අසල්වැසි ඥාතියකු පැමිණ සිදුව ඇති දේ ඇයට පැහැදිලි කර දී එලෙස ලැබී තිබූ දුරකතන අංකයද පෙන්වාදීමෙන් පසුව සිද්ධිය සමතයකට පත්වුණා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top