කවුරුත් ආදරය කරන ඇය මේ වෙද්දී ලහි ලහියේ සූදානම් වෙන්නේ හිරු මෙගා ස්ටාර් අවසන් මහා තරගයට..
ඒ තරගය වෙනුවෙන් මේ දවස්වල කැපවෙන දසුනි, ඒ කිරුළ දිනන ගමන ගැන අපිට මෙන්න මෙහෙම කිව්වා..
මේ වෙද්දි අවසන් මහා තරග රාත්‍රියට මොන වගේ සූදානමක්ද තියෙන්නේ..?
අවසන් මහා රාත්‍රිය කියන්නේ මුල ඉඳන්ම අපි Target කරන් හිටපු දෙයක්.. අවසන් මහා තරගයට තේරුණු එක ගැන ලොකු සතුටකින් ඉන්නේ ඒත් එක්කම මේ වෙද්දී සූදානම් වෙන ගමන් ඉන්නේ.. තව Practice කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් ඔක්කොම සූදානම් කරගෙන අවසන් මහා රාත්‍රියට මුහුණ දෙනවා..
ඔබ වේදිකාවේ පෙරළියක් කරපු චරිතයක්.. ඒ නිසානේ අවසන් මහා තරග රාත්‍රියට තේරී පත්වෙන්නේ.. අවසන් මහා තරග රාත්‍රියේ වෙනසක් කරනවද ඒ ගැන කියන්න කැමතියි ද..?
හිරු මෙගා ස්ටර් තරගයේ හැමදාම එක Categorie එකකට සීමා වුනේ නෑ.. මම හැමදාම කරේ එකිනෙකට වෙනස් වෙච්ච දේවල්.. ඉතින් කවදාවත් එකම තැනක නතර වුණේ නැහැ.. අවසන් මහා තරග රාත්‍රියේදී කරපු නැති දෙයක් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා..
මේ ආපු ගමනේදී ඔයාට අමතක කරන්න බැරි කෙනෙක් තමයි ඔයාගේ නර්තනයට සහාය වුණු partner අනිවාර්යෙන් අපි ඔහු ගැනත් මතක් කරමු...
මගේ Partner දිලන්ත එයා මට ගොඩක් සපෝට් කරනවා.. මට කරගන්න බැරි වෙන දේවල් පවා එයා මට ඉක්මනට කියලා දීලා අපි මේක මෙහෙම කරමු කියලා කරල දෙන වෙලාවල් තියෙනවා.. ඉතින් එයාගෙන් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා.. එයා වෙලාවට වැඩ කරනවා.. එයා ඇත්තටම හොඳ Partner කෙනෙක්..
ඔබ පොඩි වයසකින් ගොඩක් දේවල් Achieve කරගත්ත චරිතයක් චරිතයක්..මෙගා ස්ටාර් වේදිකාවත් අන්න ඒ වගේ තැනක්.. නර්තනය කියන්නේ ඔබේ ජීවිතයේ කොටසක්..නර්තනයට කොහොමද මුල පුරන්නේ ඔබ..
පොඩි කාලේ ඉඳලාම නැටුම් හදාරලා තියනවා.. මම හැබැයි රංගන ශිල්පිනියක් වෙන්න අඩිතාලම වැටුණේ හිරු සුපර් ඩාන්සර් හරහා.. ඒ හරහා තමයි මං මේ වෙනකොට රංගන ශිල්පිනියක් බවට පත්වෙලා ඉන්නේ.. සුපර් ඩාන්සර් වලින් පස්සේ ආයේ එන්නේ මෙගාස්ටාර් වේදිකාවට.. ගොඩ කාලයක් නැටුම් නතර වෙලා තිබුණා.. හැබැයි නැටුම් කියන්නේ මගේ ඇඟේ තියන දේ නිසා මං රංගනයට වඩා නර්තනයට ගොඩක් බරයි.. ගොඩක් ලඳියි.. ඒ නිසා මං නර්තනය කියන දේට ගොඩක් ආදරය කරනවා...
පුංචි කාලේ මේ හැකියාව මුලින්ම දැනගත්තේ කවුද..?
පුංචි කාලේ මේ හැකියාව දැනගත්තේ මගේ තාත්තා..
ඔබ නර්තනය හදාරලා තියෙන්නේ මොන විදිහටද..? පාසල ගැන එහෙම කියන කොට ඔබට අනිවාර්‍යයෙන්ම කියන්න යමක් ඇති..
ඔව් මං පාසලෙන් තමයි නර්තනය හදාරලා තියෙන්නේ.. වෙන පිට තැනකින් මම නර්තනය හදාරලා නැහැ.. හැබැයි හිරු සුපර් ඩාන්සර් වේදිකාව හරහා මට ලලිත් පැරකුම් සර්ව හම්බවුණා.. ඉස්කෝලෙට අමතරව මම ඉගෙන ගත්තේ ඔහුගෙන්.. මේ තරගයේදීත් මගේ ඔක්කොම නර්තන නිර්මාණය කරන්නේ ඔහු.. ඔහු විදෙස්ගත වෙලා හිටියත්, අමා අක්කා ඒ සියල්ල මට නිර්මාණය කරලා දෙනවා..
දැන් ඔබ අවසන් මහා තරගයට සූදානම් වෙන ගමන්.. එදා රාත්‍රියේ, ඔබ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා කියලා ඒ දැනගත්ත මොහොතේ මොන වගේ හැඟීමක්ද දැනුනේ..
ඒ ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ.. ඒ වෙලාවේ මම Speechless වුණා.. මම හිරු සුපර් ඩාන්සර් වේදිකාවේ Top 10වලින් අයින් වුණා.. ඉතින් කවදාහරි මේ වගේ රියැලිටි ප්‍රෝගෑම් එකක කිරුලක් ගන්න එක මට ලොකු හීනයක්.. ඒක මට වඩා මගේ තාත්තාගේ ලොකු හීනයක්.. ඉතින් බලමු කිරුළ ගන්න පුළුවන් වෙයි ද කියලා..
ඔබ වෙනුවෙන් හීන දකින තවත් බොහෝ පිරිසක් ඇති මේ තරගයේදී.. කාවද ඔයාට මේ මොහොතේ ස්තූතිවන්ත වෙන්න මතක් කරන්න තියෙන්නේ..?
මගේ පිටිපස්සේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්, පවුල හැමෝම ඉන්නවා.. ඒ වගේමයි මට මේ අවස්ථාව ලබාදුන්නාට හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමාට වගේම ඒ කාර්‍යමණ්ඩලයටත්, ගොඩක් ස්තූතියි මාව තෝරාගත්තාට.. ඊට පස්සේ ස්තූතිවන්ත වෙන්න ඕන ලලිත් පැරකුම් සර්ට.. මාව මෝටිවේට් කරනවාට.. ඊටත් වඩා ස්තූතිවන්ත වෙන්න ඕන ප්‍රේක්ෂකයන්ට.. මේ තරම් දුර මාව අරගෙන ආවට...
මේ වෙලාවේ අවසන් රාත්‍රිය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.. ඔබට හිතෙනවා ඇති මේ පුහුණුවීම් අතරතුර මේ කිරුළ මගේ වුණොත් කියලා.. ඒ හැඟීම මේ මොහොතේ ඔබට අපිත් එක්ක විස්තර කරන්න පුළුවන්ද..?
ඒ හැඟීම වචවලින් කියන්න බැහැ.. ඒ කිරුළ මගේ කරගන්න මම ගොඩක් මහන්සි වෙනවා.. ගොඩක් අභියෝගවලට මුහුණ දුන්නා.. පාදයේ ආබාධ, උණ මේ වගේ බාධක මැද තමයි මම මේ ගමන ආවේ.. හැබැයි මම අත් හරින්නෙ නැහැ.. ඒක ලැබුණොත් ඉතින් මට හිතේවි මම Success කියලා..