පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය වුණ එක් ගීතයක් තිබුණා.
ඒ සම්බන්ධව පසුව විශාල කතාබහකුත් ඇති වුණා.
පසුව නීතිමය කටයුතුවලටත් යන්න තීරණය වුණා.ඉතින් මේ ඒ ගැන ඇසෙන පුවතක්.
ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කළ " සූරිය මංගල්ලේ ගීතය" විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා වයස අවුරුදු 31ක් වන තලාතුඔය පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ.