සිඩ්නි සුපිරි වෙළඳසලකදී පුද්ගලයකු විසින් සිදු කළ පිහි ඇනුම සම්බන්ධව මේ වනවිට ලෝක ජනමාධ්‍යයන් හී අවධානය යොමුව තිබෙනවා.
මාස 9ක් වයසැති ළදරුවකු ඇතුලු පුද්ගලයින් 40 දෙනෙකුට පමණ තුවාල සිදු කළ අපරාධකරුව වෙඩි තබා ඝාතනය කිරීමට පොලිස් නිලධාරිනියක් සමත්ව තිබෙනවා.
මෙම පොලිස් නිලධාරිනිය ඝාතකයා පසුපස හඹා යන ආකාරයේ වීඩියෝ පටයක් සමාජ ජාලා තුළ සංසරණය වෙනවා.
මේ අතරම ඇය වීරවරියක ලෙසද හැඳින්වීමට සිඩ්නි ජනයා අමතක කර නැහැ.
ඒ ඇය තනිවම මෙම සිදුවීමට මුහුණ දුන් නිසා වෙන්.