සමහර මිනිස්සුන්ගේ ජීවිත හරි වෙනස්..
හිතන්නේ නැති වෙලාවක ඒ ජීවිත වෙනස් වුණත් ඒ මිනිස්සු ඒ වෙනස පිළිගන්නේ හරි වෙනස් විදිහට..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.. ඔහු වෘත්තියෙන් කුළියට පොල් කඩන්නෙක්.. ඒත් ඔහුගේ වාසනාව ඒක නෙවෙයි.. මේ බලන්නකෝ ඒ කතාව..
පැය භාගයකට ආසන්න කාලයක් ලොතරැයි පත් තෝරන මොහු අවසානයේ ලොතරැයි පත් දහයක් පමණ මිලදීගෙන යන්නේ පුරුද්දකට වගේ..
ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු ඒවාට ජයග්‍රහණයක් ලැබී ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට මොහු පැමිණෙන්නේ ද ලොතරැයි පත් මිලදී ගත් අලෙවි නියෝජිතයා ළඟටයි.. මොකද්ද මේ කතාව..
ඔව් මේ ඔහුට ලැබුණ විශාල දිනුම ගැන කතාවක්.. රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී ඇතැයි ගම්පොළට නුදුරු ගම්මානයකින් වාර්තා වෙනවා..
මීට වසර එක හමාරකට පමණ ඉහතදී රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමි වුවත් මොහු කුඩා කල සිටම කරගෙන ආ කුලියට පොල් කැඩීම දිගටම කරගෙන ගිය බව මේ සම්බන්ධයෙන් දැනගන්න ලැබෙනවා..
මෙම ජයග්‍රාහී ලොතරැයි පත් දෙකම කුලියට පොල් කඩන පුද්ගලයා මිලදී ගෙන ඇත්තේ එකම අලෙවි නියෝජිතයකුගෙන්..
ලොතරැයි පත් දෙකකින් විශාල මුදල් සම්භාරයක් ජයග්‍රහණයක් ලැබූ මොහු නැසී ගිය අතිශය ජනප්‍රිය සිනමා නළුවකුගේ නමින් හැඳින්වෙන අයෙක්..