දරුවෝ කියන්නේ හරියට මල් වගේ.
ඒ නිසා දරුවෙ ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටීම වැදගත්.
මීට ටික කලකට ඉහතදී සමාජ මාධ්‍යයේ පල වූ ලිපියක් යළි මේ දිනවල යළි හුවමාරු වෙමින් පවතිනවා....
"දෙමාපියනි දඟ කිරීමේ සීමාවන් ඔබේ දරුවාට කියා දෙන්න.
පහත චායරූපයේ ඉන්නේ මගේ ඥාති සොයුරෙක්ගේ පුතා. වෙනුක පුතා අහිංසක පුංචි දරුවෙක්. එයා ක්රිකට් ගැහුවා. පාඩම් කරා. කොහොත් එයාගේ ඇඟ පත ලොකු නැහැ. හරි ස්වීට්. ඔවුන් පදිංචි පේරාදෙණියේ. මගේ ඥාති සොයුරා හොටෙල් එකක් කරා.
පාසලේදී වෙනු අහිසක නිසා තව දරුවෝ දෙන්නෙක් (පන්තියේ යාළුවො ) වෙනුව අහකට අරගෙන ගිහින් කිචි කවනවලු. එහෙම කරලා වෙනු හිංසාවට ලක් වෙද්දී මේ දරුවෝ ඉතින් බුලි කරලා සතුටු වෙනවලු. මේක රණ්ඩුවක් නෙවේ. ඉතින් පොඩි එවුන් ඔහොම වැඩ කරනවනේ. එදත් මේ විදිහට වෙද්දී වෙනුක ගේ බෙල්ල ඒ දරුවෝ අතින් ඇඹරිලා. ඔහු එසැනින් සිහිසුන්ව වැටිලා.
අදට දවස් 20 ක් වැලිකොට්ට දාල ඔහුව කෙලින් අතට බාවා තියනවා. හානි වූ ස්නායු නැවත යතා තාවයට එන තුරු දරුවා දියර වලින් විතරක් පෝෂණය කරමින් නුවර මහරෝහලේ කාර්ය මණ්ඩලය බලාගෙන ඉන්නවා. යතා තත්වයට ලක් නොවුනොත් ඔහුව සැත්කමකට බඳුන් කරනවා. ස්නායු පද්ධතියේ සැත්කම් සාමන්යයෙන් අනතුරු දායකයි. නමුත් අපි බලාගෙන ඉන්නවා. මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය දැඩි කැප වීමකින් දරුවාට කල යුතු සියලු දේ නොපිරිහෙලා කරනවා.
මතක් වෙන හැම වෙලාවකම පපුව දාල අළු වෙලා යනවා. ලෙඩකින් දුකකින් පෙළුන දරුවෙක් නෙවේ. අයියට වාහනේ එලියට ගන්න බැහැ ඔහුගේ මානසික චංචල කම නිසා හැප්පෙයි කියල ඔහු බයෙන් බස් එකේ යනවා රෝහලට දවසට කීප වරක්. අම්මා උදේ හවස කඳුළු බොනවා. ඔවුන්ගේ ව්යාපාරය කරගන්න විදිහක් නැහැ.
දැන් වුන දේ වුණා. මගේ වෙනු වෙනුවෙන් මම බුකියේ ඉන්න හැම අම්මගෙන්ම ඉල්ලනවා. අත්දෙක උස්සල වැඳලා ඉල්ලනවා. මගේ වෙනුට වුන දේ තව දරුවෙක්ට වෙන්න දෙන්න එපා.
ඔබේ දරුවා දඟ දරුවෙක් නම් ඔහුට/ ඇයට කියා දෙන්න යාළුවන් බුලි කිරීමේ සීමාව මොකද්ද කියල. කියා දෙන්න නරක තැනකට වදින්න ගහන්න එපා කියල. කියල දෙන්න අහිංසක දරුවක් දකිද්දී ඒ දරුවාට විහිලු කරන්න , ගහන්න එපා කියල. කොන්ද , ඔලුව වගේ ස්ථාන ආරක්ෂා කර ගන්න කියල දෙන්න ඔබේ දරුවන්ට. මොකද ඔලුව වැදුනොත් කොන්ද බෙල්ල වැදුනොත් දරුවෝ ජීවිත කාලෙම බලපාන අනතුරැ වලට මුහුණ දෙනවා.
මගේ වෙනුට ඉක්වනට සුව වෙන්න කියල මම පතනවා. ආයෙත් ක්රිකට් ගහන්න මගේ පුතා සුව වෙන්න කියල පතනවා.
