වේල්ස් කුමරිය, කේට් මිඩ්ල්ටන් සිකුරාදා කෙන්සිංටන් මාලිගය විසින් නිකුත් කරන ලද පුද්ගලික වීඩියෝ පණිවිඩයකින් පිළිකාවක් ඇති බව හඳුනා ගැනීමෙන් පසු කිමෝ ප්‍රතිකාරයන්ට ලක් වන බව හෙළි කළා.
ඇයගේ ශල්‍යකර්මය කරන විට ඇගේ තත්ත්වය පිළිකාවක් නොවන බව ඇය හෙළි කළ නමුත් පශ්චාත් ශල්‍යකර්ම පරීක්‍ෂණවලින් “පිළිකාවක් තිබූ බවට සොයා ගෙන තිබෙනවා.
”
කේට් මිඩ්ල්ටන් හඳුනාගෙන ඇත්තේ කුමන ආකාරයේ පිළිකාවක්ද?
කේට් මිඩ්ල්ටන්ගේ පිළිකාවේ ස්වරූපය නිශ්චිතව දක්වා නැහැ.
පිළිකා හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ සහ බයොප්සි ඇතුළු විවිධ රෝග විනිශ්චය පරීක්ෂණ සිදු කර ඇතත්, තවමත් නිසියාකාරව මේ සම්බන්ධව හෙළි වී නැති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කෙසේ නමුත් ඇයට ශල්‍යකර්මයක් සිදු කළ හේතුව තවමත් සඳහන් වී නැහැ.
කේට් කුමරියට අමතරව චාල්ස් රජුද පිළිකාවට ප්‍රතිකාර ලබන බවටයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.