Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Nov
13
5 හැවිරිදි තම ලෙයින් උපන් සිඟිති දියණිය දූෂණය කර, අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදු කළ නරුම පියෙකුට අවසානයේ අත් වූ ඉරණම

- 5 හැවිරිදි තම ලෙයින් උපන් සිඟිති දියණිය දූෂණය කර, අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදු කළ නරුම පියෙකුට අවසානයේ අත් වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
කාට හෝ කිවොතීන් මරණ බවට පියා විසින් තර්ජනය කරලා..
බිරිඳ දෙවැනි දරු ප්‍රසූතයට රෝහල්ගත කර සිටියදි අඹූකමට අරන්..
විත්තිකාර පියා චෝදනා 4කට වැරදිකරු - අධිකරණයෙන් ලැබුණු තීන්දුව?
 
තමන්ගේම බාලවයස්කාර දියණියට අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදුකිරීම හා ඇයව දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි චූදිතයෙකුට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය වසර 60ක සිරදඬුවම් නියම කළා.

2014 දෙසැම්බර් 01 වන දින සිට 2014 දෙසැම්බර් 31 වැනි දින අතරදී වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියකට අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදු කිරීම ඉහත පළමු චෝදනාවේ සඳහන් කාලපරිච්චේදය තුළදි ඉහත පළමු චෝදනාවේ සඳහන් ස්ථානයේදී එම ක්‍රියා කලාපයේදි එම දැරිය දූෂණය කිරීම, 2015 මාර්තු 11 දින හෝ ආසන්න දිනක ඇයව දූෂණය කිරීම, 2015 මාර්තු 12 ආසන්න දිනයක ඇයට අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදු කිරිම යනුවෙන් චෝදනා 4කට අධිචෝදනා ලබා සිටියා.
 
චූදිතයා චෝදනා හතරටම වරද පිළිගනු ලැබුවා. ඒ අනුව මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය චූදිත අධිචෝදනා හතරටම වැරදිකරු කරනු ලැබුවා.
 
චූදිතයාට දඬුවම් නියම කිරීම පෙර ඔහුට නියම කරන දඬුවම් ලිහිල් කර ගැනීමට චූදිතගේ නීතිඥ රාජපක්ෂ මහතා චූදිත පළමු අවස්ථාවේම අදාළ චෝදනාවන් සඳහා වරද පිළිගැනීම එලෙස වරද පිළිගැනීමෙන් අධිකරණයේ කාලය ආරක්ෂා කිරීම චූදිතයා සිදු වූ වරද ගැන පසුතැවිලිවීම යන කාරණා සලකා බලා ලිහිල් දඬුවමක් දෙන ලෙස ඉල්ලා සිටියා.
 
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ පංචාලි විතාරණ මහත්මිය අධිකරණයේ කරුණු දක්වමින් චූදිතයා මෙම ලිංගික ක්‍රියාවන් සිදු කර ඇත්තේ ඒ වන විට වයස අවුරුදු පහයි මාස හයක් වයසැති තමන්ගේම දියණියට බවද පළමු වරද සිදු කර ඇත්තේ චූදිතයාගේ බිරිය එනම් මෙම දැරියගේ මව දෙවන දරු ප්‍රසූතය සඳහා රෝහල්ගතව සිටි බවද සඳහන් කළා.
 
එමෙන්ම මෙම සිද්ධීන් කාට හෝ කීවහොත් මරණ බවටත් චූදිතයා මෙම කුඩා දැරියට මරණ තර්ජනය කර තිබෙන බවත් කී රජයේ අධිනීතිඥවරිය ඔහුට උපරිම දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා.
 
දෙපසේම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය පළමු හා හතරවන චෝදනාවන්ට වසර 15 බැගින් බර වැඩ සහිත සිරදඬුවම් නියම කළා.
 
දෙවන හා තුන්වන චෝදනාවන්ටද වසර 15 බැගින් වසර 30 ක බර වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනෙවිය එකේ සිට හතර දක්වා වූ චෝදනාවන්ට රුපියල් 70,000 බැගින් රුපියල් 2,80,000 වන්දි මුදලක්ද නියම කළා.
 
එම වන්දි මුදල දඩයක් ලෙස අයකර ගැනීමටද වන්දි මුදල් නොගවන්නේ නම් මාස හය බැගින් බර වැඩ සහිත දඬුවම්ද මහාධිකරණ විනිසුරුතුමිය විසින් නියම කරනු ලැබුවා.
 
වන්දි නොගවන්නේ නම් දැරිය බාලවයස්කාරියක් හෙයින් ඇගේ නමින් ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරිමටද නියම කෙරුණා.
 
දිවයින
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top