වැලිකන්ද - නාමල්ගම ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ එම පුද්ගලයා කුඹුරට යමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එහිදී බරපතල තුවාල ලැබූ ඔහු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
නාමල්ගම ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මෙලෙස වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.