පුද්ගලයෙකු විසින් සිය පුත්‍රයාට උදැල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් රක්වාන, අල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.
පහරකෑමෙන් මියගොස් ඇත්තේ අල්පිටිය,ගොඩකවෙල ප්‍රදේශ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ (19) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකාර පියා රක්වාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අද (20) පැල්මඩුල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.