ලසිත් මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම සහ හාර්දික් පාන්ඩියාගේ සුපිරි පිතිහරඹය හමුවේ IPL තරගාවලියේ ඊයේ පැවති තරඟය කඩුලු 5කින් ජයගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණේ විරාත් කෝලිගේ බැංගලෝර් කණ්ඩායම් පරාජය කරමින්.
මුම්බායි නුවරදී පැවති මේ තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් පිල සිය පන්දුවාර විස්ස තුළදී කඩුළු 07 ක් දැවී ලකුණු 171 ක් රැස්කළා. ඒ.බී. ඩි විලියර්ස් ලකුණු 75යි.
එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 31කට කඩුළු 4ක් දවාගත්තා.
අන්තර් පළාත් තරඟාවලියට ක්‍රීඩා කිරීමට පැමිණීමෙන් පසු මුම්බායි කණ්ඩායමේ ස්ථානය අහිමි වූ මාලිංග ඊයේ තරඟයට කැඳවා තිබුණේ අබාධයකට ලක්වූ අල්සාරි ජෝශප් වෙනුවටයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 19 කදී කඩුළු 05 ක් දැවී ලකුණු 172 ක් රැස්කරමින් තරඟය ජයගත්තා. මුම්බායි ජයග්‍රහණය සනිටුවහන් කලේ ඉනිමේ අවසන් භාගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 16කදී ලකුණු 37ක් රැස්කළ හාර්දික් පාන්ඩියා.
තරඟයේ වීරයා සම්මානය ලසිත් මාලිංග දිනාගත්තා.
මාලිංග ගේ සුපිරි පන්දු යැවීම පහතින්.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.