පොලිසිය ව්‍යාපාරිකයාගේ පැත්ත ගනී ...
අම්මා බලා සිටියේදී දියණිය අපහරණය කරලා ....
60 හැවිරිදි ව්‍යාපාරිකයකු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිනමාහලකදී 10 හැවිරිදි ගැහැණු දරුවකුට පහරදෙමින් ලිංගිකව අපයෝජනය කරන අයුරු දැක්වෙන CCTV දර්ශන මාධ්‍ය හරහා නිකුත්වීම නිසා KV Moitheenkutty නමැති එම ව්‍යාපාරිකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චිත්‍රපටිය නිම වනතුරු ඔහු ඉතාමත් නින්දිත ලෙස මෙම දරුවා අපහරණය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිය මව බලා සිටියේදී මෙම දරුවා අපහරණය කර ඇති අතර එම දර්ශන සියල්ල CCTV කැමරාවේ සටහන් වී තිබෙනවා.
ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකු වන මේ පුද්ගලයාට එරෙහිව මේ සිද්ධිය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන පැමිණිලි කර ඇති අතර අදාළ CCTV දර්ශනය මාධ්‍ය හරහා ප්‍රදර්ශනය වනතුරු ඔහු අත්අඩංගුවට ගෙන නැති බවයි පැවසෙන්නේ.
එලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා කේරළ ප්‍රාන්තයේ එම බල ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියාගේ වැඩ තහනම් කර ඇති අතර දරුවාගේ මවට එරෙහිවද අපහරණය සඳහා අනුබල දීම යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.