"ෆෝන් එකේ ෆැලැෂ් ලයිට් එකත් ඔන් කරගෙන.."
"පස්සේ ඒක ඩිලීට් කළා.."
රසිකයින් විදිහට බෝහෝ දෙනෙක් කමතියි Bollywood සුපිරි තරු හමුවුන විට ඔවුන්ගේ ඡයාරූප ගන්න. ඒ නිසාවෙන් සමහර වෙලාවට ඉන්දියානු නලු නිලියන්ට මුහුණ පෑමට සිදුවන කරදරද එමටයි. මේ ආරංචියත් අන්න ඒ වගේ එකක්.
පසුගියදා සුපිරි නලු Ranveer ඇඳුම් මාරු කරන කාමරයේ සිටින විට එය හොර රහසේම ජංගම දුරකතනයක් ඔස්සේ වීඩ්යෝ කරන අතර තුර එය වීඩියෝ ගත කළ පුද්ගලයා රන්වීර්ගේ අතටම හසු වී තිබෙනවා. ඒ අවස්ථාවේ රන්වීර් එම කාමරයේ ඉඳල තියෙන්නේ අඩ නිරුවතින් බව Bombay Times වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
පසුගියදා එම වෙබ් අඩවිය සමඟ කල සම්මුක සකච්චාවකදී තමයි රන්වීර් මේ සිද්ධිය කියලා තියෙන්නේ. "මම කාමරයේ ඇතුලේ මගේ කොණ්ඩේ හදමින් සිටියේ. ඒ අතර තුරදී තමයි, මේ මනුස්සයා එයාගේ ෆෝන් එකේ ෆැලැෂ් ලයිට් එකත් ඔන් කරගෙන මාව වීඩියෝ කරන එක මම දැක්කේ . එක පාරටම මම කෑ ගැහුවා. ඒ කෑ ගැහිල්ලටද කොහේද ඒ මනුස්සයාට දුවා ගන්න වත් බැරි වුණා ..."
මේ විදිහට තමයි රන්වීර්ට සිදුවූ මේ අමිහිරි සිද්ධිය ගැන විස්තර කලේ.
පස්සේ මේ පුද්ගලයාව අල්ලා ඔහුගේ ජංගම දුරකතනයද රැගෙන ඒ වීඩියෝව වහාම ඩිලීට් කිරීමට ඔවුන් කටයුතු කල බවද රන්වීර් එම සම්ම්මුඛ සාකච්චාවේදී වැඩිදුරටත් කියා සිටියා.