Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jan
06
‘‘නාමල් අසනීප වුණා කියලා මගේ ඇස් දෙකෙන් එක කඳුලක් වැටුණෙ නෑ“ - රුවන්ති මංගලා - Photos

- ‘‘නාමල් අසනීප වුණා කියලා මගේ ඇස් දෙකෙන් එක කඳුලක් වැටුණෙ නෑ“ - රුවන්ති මංගලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views
‘‘මම ඔහුට උදේ හවස පිං දෙනවා“
‘‘මම දරදඬු ගැහැණියක් වුණා“
‘‘එයා තමයි මේ හැමදේම හොඳින් විසඳුවේ“

ජනප්‍රිය ගායක නාමල් උඩුගමට වකුගඩුවක් පරිත්‍යාග කළ පුද්ගලයා සිදුකළ හෙළිදරව්වත් සමග බොහෝ දෙනෙකු නාමල් - රුවන්ති දෙපළ පිළිබඳව කතා කරන්නට පටන් ගත්තා.

ප්‍රශ්න පිට ප්‍රශ්නවලට මුහුණ දුන් නාමල් සහ රුවන්ති ඒ පිළිබඳව සති අන්ත පුවත්පතකට කියූ කතාවයි මේ.

පහුගිය කාලේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා නේද..?
ඔව්. නොහිතපු විදිහට අසනීප වුණා. ඒත් එක්කම එක පිට එක ප්‍රශ්න ආවා. එකක් විසඳගන්නකොට තව එකක්. අදට කියලත් ප්‍රශ්න ඉවරයක් නෑ. අසනීප තත්ත්වෙ සුව වුණත් කොහේ හරි යන අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට එනවා.

දැන් කොහොමද ප්‍රශ්න කියන ඒවා දකින්නෙ..?
ප්‍රශ්නයක් ආවාම අනිවාර්යෙන්ම ඒකට මුහුණ දෙන්න වෙනවා. එයින් පැනලා යන්න බෑ. ඒ නිසාම විඳගන්න දරාගන්න පුළුවන්කම ලැබුණා. ප්‍රශ්න වැඩි වෙද්දි ඉබේම ධෛර්යවන්ත වුණා. අද වෙනකොට ප්‍රශ්නවලින් පදම් වෙලා.

මේ දේවල් විසඳගන්න බිරිඳ රුවන්තිගෙන් ලැබුණෙ මොන වගේ සහයක්ද..?
ඒක මොන වගේද කියලා මේ ජීවිත කාලෙම මට වචනයෙන් විස්තර කරන්න බැහැ.  එයා තමයි මේ හැමදේම හොඳින් විසඳුවේ. ආපු හැම ප්‍රශ්නයකටම සැලෙන්නෙ නැතිව නිර්භීතව නොසැලි කටයුතු කරලා මගේ ජීවිතය බේර ගත්තෙ ඇය. ඇය නැත්නම් මං අද මේ ලෝකේ නෑ.

අලුත් ගීත ගැයුවට පරණ ඒවා තරම් ජනප්‍රිය වුණේ නෑ නේද..?
ඔව්. එහෙම එකක් තියෙනවා. එදා ගීතවලට තිබුණ ඉල්ලුම අදටත් ඒ විදිහමයි. ප්‍රසංගයකට ගිහින් ස්ටේජ් එකට නැග්ගම බොහෝ වෙලාවට මම හිතාගෙන යන සිංදු කියන්න ලැබෙන්නෙ නැහැ. එක හඬින් ඉල්ලන්නෙ පැරණි ගීත. හේතුව මොකක්ද දන්නෙ නැහැ. ඒත් මම රසිකයන්ගෙ ඉල්ලීම ඉටු කරනවා.

අද වන විට ඔබ මුහුණු පොතේ ජනප්‍රිය චරිතයක් වෙලා.
ඔව්.. මගේ සැත්කමට අක්මාවේ කොටසක් දීපු ක්‍රිෂාන්ත කියන පිංවතා කාගේ හරි උසිගැන්වීමකට සැත්කමෙන් අවුරුදු තුනකට පස්සෙ අසත්‍ය ප්‍රකාශ මුහුණු පොතට එකතු කරලා තියෙනවා. ඒත් ඔහු ගැන මගේ කිසිම අහිතක් නැහැ. මම ඔහුට උදේ හවස පිං දෙනවා මුදලට වුණත් මට අක්මාවේ කොටසක් දුන්නු එක ගැන. ඒ හැම ගණුදෙනුවක්ම කළේ නීත්‍යානුකූල ලියවිලි සමග. අවශ්‍ය ඕනෑම දේකට අපි ළඟ ඒවා තියෙනවා.

රුවන්ති මංගලා....
රුවන්ති රඟපෑම අතහැරලා දේශපාලනයට බහිනවා..?
එහෙම නෙමෙයි ලැබුණු අවස්ථාවට සාධාරණයක් ඉටු කරන්න ඕන. මොකද අවස්ථාව කියන එක තාම වුණත් වටිනවා. රඟපෑම අතහරින්නෙ නෑ.

සැමියාගේ රෝගී තත්ත්වයත් එක්ක ආපු ප්‍රශ්න කරදරවලට රුවන්ති මුහුණ දුන්නෙ කොහොමද..?
ඒක මටත් ප්‍රශ්නයක් තවමත්.. මමත් තාම ඒ ගැන කල්පනා කරනවා. නාමල් අසනීප වුණා කියලා මගේ ඇස් දෙකෙන් එක කඳුලක් වැටුණෙ නෑ. මම දරදඬු ගැහැණියක් වුණා. කොහොම හරි ඔහු සුව කර ගන්නවා කියන තැනයි මම හිටියෙ. සහෝදර ශිල්පී ශිල්පිනියන් වගේම ගොඩ දෙනෙක් අපිට උදව් කළා. ඒ නිසා මට හැම දේටම එඩිතරව මුහුණ දෙන්න හැකියාව ලැබුණා. ඒ හැමෝටම මම ස්තූති කරනවා.

ජනප්‍රිය චරිත කට කතාවලට ලක් වෙන ප්‍රවණතාව වැඩියි..?
අපි දෙන්නා ක්ෂේත්‍ර දෙකක. ඔහු ගැන කට කතාවක් තිබුණොත් මමවත්, මා ගැන කට කතාවක් තිබුණොත් ඔහුවත් ඒවා ගණන් ගන්නෙ නෑ. අපි කවුද කියන්න අපි දන්නවා. අනික අපට ඕවා පස්සෙ යනවට වඩා කරන්න වැඩ තියෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top