Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Dec
05
"ඒ අය ලිංගිකත්වය ඉස්සර කරගෙන මෙතැනින් හම්බ කරන්නයි උත්සාහ කරන්නේ..." - ශෂිකා නිසංසලා

- "ඒ අය ලිංගිකත්වය ඉස්සර කරගෙන මෙතැනින් හම්බ කරන්නයි උත්සාහ කරන්නේ..." - ශෂිකා නිසංසලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
"ඒ ආදරේ සජීවීව විදගන්න ලැබෙනවා.."

"ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 18යි ගීත 250ක් ගයලා තියෙනවා.."

කලාවට එන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. නමුත් පැවැත්ම හදා ගන්න ඒ හැමකෙනෙකුටම බැහැ. ශෂිකා නිසංසලා කියන්නේ කටහඩ නිසා සංගීත ක්ෂේත්‍රයට ඇවිත් ජනතාවගේ ආදරේ දිනා ගත් ගායිකාවක්. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.

* අවුරුද්දේ අන්තිම කා‍ලේ නිසා ගොඩක් කාර්යබහුල ඇති නේද?
ඔව්, මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. මොකද මේ අවුරුද්දේ අවසාන කාලය කියන්නේ ප්‍රසංග ගොඩක් වැඩි කාලයක්. ඉතින් ගෘහස්ථ ප්‍රසංග වගේම එළිමහන් ප්‍රසංගත් රැසකට මේ වෙනකොට ආරාධනා ලැබිලා තියෙනවා.

* ප්‍රසංග වේදිකාවට දැන් ඔබව නැතිවම බැරි චරිතයක් බවට පත්වෙලා නේද?
ප්‍රසංග කලාව කියලා ගත්තම එළිමහන් වගේම ගෘහස්ථ ප්‍රසංග සඳහාත් මට එක වගේම ආරාධනා රැසක් ලැබෙනවා. සමහර අවස්ථා එනවා භාරගන්න බැරි තරමට ආරාධනා ලැබෙනවා. ඉතින් මගේ පරණ සින්දුවලටත් ඒ වගේම අලුත් සින්දුවලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ප්‍රසංග කලාවට මම හරි ආදරෙයි. මොකද මිනිස්සුන්ගේ ආදරය, කැමැත්ත සජීවීව විඳගන්න ප්‍රසංග වේදිකාව අපිට හොඳ අවස්ථාවක්.

* ගායිකාවක් වීම නිසා ප්‍රසංග වේදිකාව අභියෝගයක් නොවෙයිද?
අපේ රටේ ගායිකාවෝ බිහිවුණේ හරි අතළොස්සයි. ඒ කිහිප දෙනා අතරිනුත් දිගටම පැවැත්මක් හදාගෙන ඉදිරියට ආවේ එයිනුත් අඩු පිරිසක්. ඉතින් ඕනම දෙයක් ජීවිතයේ අභියෝග තමයි. හැබැයි තමන් තමන්ව අඳුනගෙන තමා විසින්ම යම් පිළිගැනීමක් ක්ෂේත්‍රය තුළ ගොඩනගාගෙන පවතින්න පුළුවන් නම් ප්‍රසංග වේදිකාව ගායිකාවන්ට අභියෝගයක් ‍නෙවෙයි. එතැනදි හැකියාව විතරක් තිබිලා මදි. චරිතයත් උපරිම හොඳ මට්ටමකින් තියෙනවා නම් අභියෝගවලට අපිට අභියෝග කරන්න පුළුවන්.

* අලුත් ගීතයක් එහෙම කළේ නැද්ද?
අලුත් ගීතයක් කළා. මේ වෙනකොට මගේ හඬ දායකත්වය ලබාදීලා තියෙනවා. මේ දිනවල එහි අනිත් වැඩ කටයුතු කෙරෙමින් යන්නේ. ඉතින් වෙනස්ම ආකාරයේ ගීතයක් ඉක්මනින් රසවිඳින්න ලැබෙයි.

* ගීත මිනිස්සු අතරට යන්න වීඩියෝවක් තිබිය යුතුමද?
මියුසික් වීඩියෝ කලාවක් විදිහට ගොඩක් ජනප්‍රිය වෙලා මිනිස්සු කතාබහ කරන මට්ටමට ආවේ මෑතකදී. නමුත් මීට පෙර කාලවලත් ගීත ලියැවුණා සහ ගැයුණා. හැබැයි වීඩියෝ තුළින් ඒවා රසවිඳින්න ලැබුණේ නෑ. හැබැයි ඒ ගීත අද මේ වීඩියෝ එක්ක එන ගීතවලටත් වඩා ගොඩක් මිනිස්සු අතරට ගියා වගේම මිනිස්සු ආදරේ කළා. මගෙත් පාරමිතා, තොල්පෙති විතරක් වගේ ගීතවලට මම මියුසික් වීඩියෝ කළේ නෑ. හැබැයි අදටත් මාව ගොඩක් දෙනා හඳුනන්නේ ඒ ගීත හරහා.

* ඔබ ගයපු ගීත එකම රැල්ලක ගීතද? නැතිනම් විවිධ ගීත එකතුවක්ද ඔබට තියෙන්නේ?
මම සාමාන්‍යයෙන් ගීත කරන්නේ අවුරුද්දකට එකක් වගේ. ඉතින් මම ජනප්‍රිය තලයේ ගීත කරන්න ගත්තේ 2011 ඉඳන්. ආදරේ ගැන කියැවෙන ගීත තියෙනවා. ඒ අතරේ ආදරේ විවිධ විවිධ ඉසව් ගැන කියැවෙන ගීත තමයි මම කරලා තියෙනවා. එක දිගටම විරහව ගැන කියන්නම ගීත කරපු කෙනෙකුත් ‍නෙවෙයි මම. මගේ ගීත ලැයිස්තුව අරන් බැලුවොත් ඒ අතරින් විවිධ මාතෘකාවලට ගැයුණු විවිධ හැඟීම් දනවන ගීත සොයා ගැනීම අපහසු දෙයක් ‍නෙවෙයි.

* අද ඔබ මේ ලබන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
‘පාරමිතා’ ගීතයට වගේම ‘ඇසිපිය නොහෙළා’ ගීතය දක්වාම මම කරපු ගීත ගොඩක් මිනිස්සු වැලඳ ගත්තා සහ මිනිස්සු ආදරේ කරන ගීත බවට පත්වුණා. ඉතින් මම කාන්තාවක් විදිහට ගෞරවනීය කාන්තාවක් කියන තැනට උචිත විදිහට ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම බුද්ධියෙන් තීරණ ගන්න සහ ගොඩක් තෝරලා බේරලා නිර්මාණ කරන කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති මම කරන ගීත මිනිස්සු ආදරේ කරන ගීත බවට පත්වෙන්නේ. ප්‍රසිද්ධ වෙන්න ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙන්න හරි අමාරුයි. මම ඒ අමාරු ජනප්‍රියත්වය ලබාගෙන ඉන්න කෙනෙක්.

* අද වෙනකම් කරපු ගීතවලින් වඩාත්ම කැමති ගීතය මොකක්ද කියන්න කීවොත්?
එහෙම එකක් කියලා කියන්න අමාරුයි. මොකද මම දැනට ගීත 250ක් පහු කරලා ඉන්නේ. මගේම ගීතවලට අමතරව ඉතා වටිනා ප්‍රශස්ත මට්ටමේ නිර්මාණවලට මගේ හඬ ලබාදෙන්න මට හැකියාව ලැබිලා තියෙනවා. ක්ෂේත්‍රයට මං ඇවිත් අවුරුදු 18ක් වෙනවා. ඒ කාලය තුළ මම කරපු හැම නිර්මාණයකටම මම ගොඩක් ආදරෙයි සහ ඒ හැම නිර්මාණයම මට ගොඩක් විශේෂයි.

* වර්තමානයේ ලිංගිකත්වය ඉස්මතු කරන වීඩියෝ කලාව ඔබ දකින්නේ කොහොමද?
ඒ දේ නම් හොඳ දෙයක් ‍නෙවෙයි. කලාකරුවා කරන්න ඕන සමාජයේ යම්කිසි පීඩනයින් ඉන්න හෝ ගොඩක් වෙහෙසීමෙන් ඉන්න කෙනෙක්ට ඒ වෙහෙස, පීඩාව අමතකවෙලා යන ආකාරයට නිර්මාණ ඉදිරිපත් කිරීම. අපි දෙයක් කරනවා නම් ඒ දේ මිනිසුන්ට විඳින්න පුළුවන් වෙන්න ඕන. ඊර්ෂ්‍යාව, කුහකත්වය, තරහව වගේ දේවල් නම් අපි මිනිස්සුන්ට දෙන්නේ ඇත්තටම අපි මිනිස්සු ඉස්සරහා අසමත්. ඉතින් ලිංගිකත්වය ප්‍රධාන කරගෙන නිර්මාණ කරන්නේ තමන්ගේ හැකියාව ගැන තක්සේරුවක් නැති පිරිසක්. ඔවුන්ට විශ්වාස නෑ තමන්ගේ හඬට සංගීතය තුළින් මිනිස්සු අතරට යන්න පුළුවන් කියලා. ඉතින් ඔවුන් ලිංගිකත්වය ඉස්සර කරගෙන මෙතැනින් හම්බ කරන්නයි උත්සාහ කරන්නේ.

 * ඉස්සරහට මොනවද කරන්න තියෙන වැඩකටයුතු?
ලබන වසරේ විදෙස් සංචාර කිහිපයක් තියෙනවා. මේ අවුරුද්දේ මම  එක විදෙස් සංචාරයකටයි සහභාගි වුණේ. ප්‍රසංග කලාවෙත් ගොඩක් අවස්ථා සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඉස්සරහටත් මේ වගේම හොඳ, අලුත් නිර්මාණ කරලා මිනිස්සු අතර රැඳෙන්නයි මගේ බලා‍පොරොත්තුව. ඉතින් මගේ පවුල් ජීවිතෙත් සාර්ථකව ගත කරමින් කලාවේ හොඳ ඉදිරි ගමනක් යන්නයි මට ඕන.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top