පානදුර රාජකීය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබලා...
කළුතර පයාගල කන්දවත්ත ශ්‍රී සිරිමුණි විහාරයේදී පැවිදි වෙලා...
පානදුර රාජකීය විද්‍යාලයේ සිප් සතර හැදෑරූ එල්.සෂේන් කල්පන සිල්වා නමැති පුතනුවන් පසුගියදා පැවැදි දිවියට පිවිසි පුවතක් පිළිබඳව දැනගන්නට ලැබුණා.
6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එම සිසුවා පාසල් ජීවිතයෙන් සහ ගිහි ජීවිතයෙන් සමුගෙන පැවිදි වීමට තීරණය කර තිබෙනවා..
පානදුර ප්‍රදේශයේ ජීවත් වූ උන්වහන්සේ පානදුරේ ධම්මානන්ද හිමි ලෙස පැවිදි දිවියට පිවිසුණා.
ඒ කළුතර පයාගල කන්දවත්ත ශ්‍රී සිරිමුණි විහාරයේදී විහාරාධිපති ඇතුළු මහා සංඝරත්නය ඉදිරියේදීයි.
එම අවස්ථාවට උන්වහන්සේගේ නෑදෑ හිතමිතුරන් මෙන්ම බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.