Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Mar
21
මට පෙම්වතියක් ඉන්නවා කියන එක මම නම් හංගන්නේ නැහැ, ඇය නිසා මම පෙම්වතෙක් - රිදුනු සිත සනසන්න අලුත් වැඩක් කරන සමීර - Exclusive

- මට පෙම්වතියක් ඉන්නවා කියන එක මම නම් හංගන්නේ නැහැ, ඇය නිසා මම පෙම්වතෙක් - රිදුනු සිත සනසන්න අලුත් වැඩක් කරන සමීර - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views
මම මේ රැල්ලට යන කෙනෙක් නෙවෙයි...
ගීත ගායනා කරන්න ඕනේ සිහියෙන් ඉඳලයි..


මාතර සී සංගීත කණ්ඩායමේ නම ඇසුණු ගමන් තවත් නමක් මතකයට එනවා.
 
ඒ තමයි සමීර එදිරිසිංහ. සමීර පහුගිය දවස්වල ජනප්‍රිය වුණේ රිදුණු සිත මාගේ ගීතය ගයනා කරමිනුයි.

ඒ ගීතය එළිදක්වලා හරියටම වසරකට පස්සේ ඔහු තවත් ගීතයක් එළිදක්වන්න සුදානම්වෙනවා. ඒ නිසා ඔහු ගැන හිරු ගොසිප් අපි කතා කරන්න හිතුවා. මේ ඒ ගැනයි.

අලුත් ගීතයක් කළා කියලා ආරංචියි ..?
ඔව්. අලුත් ගීතයක් කළා. හුස්මක් වාගේ කියලා. මේ ගීතය පද රචනය කළේ සජිත් වී චතුරංග. 
සංගීතය සදරුවන් ජයසිංහගේ. මේ ගීතය හෙට අනිද්දාම ගුවන් විදුලි නාලිකා වලින් එළිදක්වන්න සුදානම් කරලා තියනවා. 
රිදුණු සිත කරලා අවුරුද්දක කාලයක් ගියාට පස්සේ තමයි මේ ගීතය කළේ. ඒ නිසා මේ ගීතයටත් හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ගීතය විරහා ගීතයක් නෙමෙයි. ආදරණිය ගීතයක් කියන එකත් මතක් කරන්න ඕන.

රුපමාධ්‍යට හුරු වුණ ප්‍රේක්ෂකයින් බහුතරයක් ඉන්න නිසා මේ ගීතයට ඔබ රූප රචනයක් කරන්න බලාපොරොත්තු වෙනවද ..?
රූපමාධ්‍ය බලවත් නිසා ගීතයකට රුපරචනයක් කළොත් බොහෝ දෙනෙක් එය රස විදිනවා. 
ඒ නිසා මේ ගීතයට ලස්සන වීඩියෝ එකක් කරන්න මේ දිනවල සැලසුම් කරමින් යනවා.වීඩියෝ එක නම් එලි දක්වන්නේ මැයි මාසේ විතර තමයි.

ඔබ නොකියා කියන්නේ වීඩියෝ නිර්මාණයක් නොතිබුණොත් ගීතය අළෙවි වෙන්නේ නැහැ කියන එකද...?
වීඩියෝ නිර්මාණ නැති ගීත ගොඩක් තිබෙනවා. ඒ අතරින් ජනප්‍රිය ඒවත් තියෙනවා. 
ගීතයේ පද සංගීතය වගේම ගයන හඩේ රසයත් ගීතය ජනප්‍රිය වෙන්න බලපානවා නමුත් වීඩියෝ නිර්මාණවලට ආදරේ කරන පිරිස වෙනුවෙන් ගීතයක් කළොත් රස විදින පිරිස වැඩි වෙයි කියලා මමත් හිතනවා. හැම ගීතයකටම වීඩියෝ එකක් කරන්න මමත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලස්සන කතාවක් තිබුනොත් රුපරචනයක් කරනවා.

අලුත් පරම්පරාව ගීත හදන රැල්ලට සමීරත් අනුගත වෙලාද...?
මම හැදෙන රැලිවලට අනුගත වන කෙනෙක් නෙමෙයි. මම හදා ගත්ත රටාවට මම ගීත කරනවා. 
මහාලොකුවට මම ජනප්‍රිය නොවුණත් මම කරන ගිතවලටත් ප්‍රතිචාර දක්වන මගේ ගීත රස විදින පිරිස ඉන්නවා.මේ යන රටාව මට ඒ නිසා අභියෝගයක් නෙමෙයි.මොකද මම සංගීත ක්ෂේත්‍රයේ ෆේල් වුණ ගායකයෙක් නොවන නිසා.

සංගීත කණ්ඩායමක ගායකයෙක් හැටියට ඔබට සංගීත ප්‍රසංගවලට තිබෙන ඉල්ලුම ගැනත් කතා කරමු...?
සංගීත කණ්ඩායමට හොද ඉල්ලුමක් තියෙනවා වගේම මටත් ගායකයෙක් විදිහට විවිධ සංගීත ප්‍රසංගවලට ඇරයුම් ලැබෙනවා. එක දවසේ මටත් කණ්ඩායමටත් ආරධනා ලැබෙන අවස්ථාත් තියෙනවා.

එහෙම වෙලාවට තෝරා බේරාගෙන තමයි මම නම් සම්බන්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට දුර පළාත්වලට යන්නේ නැහැ. නමුත් ඉල්ලුමේ නම් අඩුවක් නැහැ.

සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙන ගයන ශිල්පින් වගේම සංගීත කණ්ඩායම් ශිල්පින් මත් පැන් මත් ද්‍රව්‍ය වලට හුරු වෙලා කියන කාරණාවත් ඒවා භාවිතා කරමින් ප්‍රසංග පවත්වන බවටත් කතාවක් තිබෙනවා. ඔබත් එවන් කෙනෙක්ද ...?
සංගීතය කියන්නේ දේවත්වයෙන් සැලකිය යුතු තැනක්. ඒ වගේ තැනකට ඔය දේවල් භාවිතා කරන එක එතරම් හොද දෙයක් නෙමෙයි. එහෙම හැසිරෙන එක්කෙනෙක් දෙන්නෙක් හිටියට හැමෝම එහෙම නෙමෙයි. මම නම් කොහොමත් එහෙම නෙමෙයි.

අපිට ආදරේ කරන ජනතාවට ගීත ගයනා කරන්න ඕන සිහියෙන් ඉදලයි.

පුද්ගලික ජිවිතේ තොරතුරු කොහොමද ..?
සංගීත ජීවිතය වගේම මම මගේ පුද්ගලික ජීවිතයත් සමබරව ගෙනියනවා. ඒ නිසා සතුටින් ජිවත් වෙනවා.

ජනප්‍රිය අය ආදරේ හංගනවා වගේ සමීරත් පෙම්වතෙක් කියන එක හංගාගෙනද ජිවත් වෙන්නේ..?
නැහැ. මට පෙම්වතියක් ඉන්නවා කියන එක මම නම් හංගන්නේ නැහැ. ඇය නිසා මම පෙම්වතෙක්. 

විවාහය ලගයිද ..?
තවම නැහැ. මගේ පෙම්වතිය තවම ඉගෙන ගන්නවා. එයාගේ අධ්‍යාපන වැඩ අවසන් වෙන්න ඕන. නිසි කාලයට අපි විවාහ වෙයි .

හර්ෂණි වීරරත්න

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top