කෑගල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක පැවැත්වීමට නියමිතව තිබුණු විභාගයට පෙනී සිටිමට පියා සමග ත්‍රීරෝද රථයකින් පැමිණෙමින් සිටි පාසල් ශිෂ්‍යයාවකට පෙම්වතා යැයි කියන තරුණයෙක් පරගම්මන ප්‍රදේශයේ දී යතුරු පැදියක් හරස් කර ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තියෙනවා.
එම ප්‍රහාරයෙන් පසුව පාසල් ශිෂ්‍යයාව, සැකකාර තරුණයා සහ පාසල් ශිෂ්‍යයාවගේ පියා පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඊයේ 23 වැනිදා දහවල් ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.
මෙලෙස කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21ක් පාසල් ශිෂ්‍යයාවක් ඇගේ 45 හැවිරිදි පියා හා කෑගල්ල නගරයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය පැවසීය.
කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ 21 හැවිරිදි පාසල් ශිෂ්‍යයාවක් මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට දෙවැනි වරට කෑගල්ල නගරයේ පාසලක පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයක් වෙත ඊයේ 23 වැනිදා දහවල් 1 ආරම්භ කිරීමට නියමිතව තිබුණු විභාගයට පියාට අයත් ත්‍රීරෝද රථයෙන් පියා සමග පැමිණෙමින් සිට ඇති බව පොලිසිය පැවසීය. පරගම්මන පසු කර බට වංගුව ප්‍රදේශයේ දී කෑගල්ලේ පදිංචිව සිටින ශිෂ්‍යාවගේ පෙම්වතා යැයි කියන තරුණයෙක් මිතුරෙකු සමග යතුරු පැදියකින් පැමිණ කෑගල්ල දෙසට ධාවනය වෙමින් තිබුණු ත්‍රීරෝද රථය නවතා තරුණයා ත්‍රීරෝද රථයේ පිටුපස සිටි පාසල් පෙම්වතියගේ බෙල්ල මිරිකා ඇසිඩ් පෙවිමට උත්සහ දරන අවස්ථාවේ දී පියා ඇසිඩ් බෝතලය ගෙන තරුණයාට පාරක් එල්ල කර ඇති බව කළ මුලික විමර්ශන කටයුතු වලදී අනාවරණය වු බව පොලිසිය පැවසීය. එම අවස්ථාවේ දී පාසල් ශිෂ්යයාවටත් ඇගේ පියාටත් හා සැකකාර තරුණයාටත් ඇසිඩ් වැදීමෙන් පිළිස්සුම් තුවාල ලබා තිබේ. පසුව පාසල් ශිෂ්‍යයාවගේ පියා ශිෂ්‍ය දියණිය ත්‍රීරෝද රථයෙන් කෑගල්ල මහ රෝහලට රැගෙන පැමිණ ඇති අතර තරුණායා ද කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය. එහිදී පාසල් ශිෂ්‍යයාවගේ මව පොලිසියට කියා ඇත්තේ කෑගල්ල නගරයේ පදිංචිව සිටින තම හිතවතියකගේ 21 හැවිරිදි පිරිමි දරුවා සමග කාලයක සිට දියණිය සම්බන්ධතාවයක් පැවැති බවත් එම සම්බන්ධතාවයට දෙපාර්ශවයේම කැමැත්ත දී තිබුණු බවය.
දියණිය කෑගල්ල නගරයේ පාසලක ඉගනුම ලැබූ බවත් පසු ගිය වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට බී සමාර්ථ තුනක් ලබා ගත් බවත් ඇය යළි මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට දෙවැනි වරටත් පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි බවත් පැවසුවාය.
දියණිය වැඩි දුරටත් ඉගණුම ලැබීම සම්බන්ධයෙන් පෙම්වතා කීප අවස්ථාවක දීම අකමැත්ත ප්‍රකාශ කර තිබුණු බවත් ඔහු විසින් දියණියට සිම් කාඩ් පතක් අරන් දී තිබුණු බවත් එම කාඩ් පතට තරුණයා පමණක් කතා කරන බවත් පැවසුවාය. මව්පියන් ඇතුළු වෙන කිසිම කෙනෙක් එම දුරකතන අංකයට කතා කරනවාට තරුණයා අකමැත්ත කලක සිට පාසල් ශිෂ්‍යයාවට දන්වා ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව තරුණ පෙම්වතා නීති රීති තද කිරීම හෙතුවෙන් පාසල් ශිෂ්‍යයාව සම්බන්ධතාවය නතර කරමු යැයි මසකට පමණ ඉහතදී යෝජනාවක් ගෙනත් ඇති බවත් පසුව පෙම්වතා ශිෂ්‍යයාවට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරන බව දන්වා කෙටි පණිවිඩ දුරකතනයට යවා ඇති බවත් පොලිසිය පැවසීය. පසුව පාසල් ශිෂ්‍යයා තරුණායා විසින් දී තිබුණු සිම්කාඩ් පත ද ආපසු තරුණායාට දී ඇති බවත් පොලිසිය පැවසීය. දින ගණනාවක සිට පාසල් ශිෂ්‍යයාවට කතා බහ කර ගැනීමට නොහැකි සිට ඇති තරුණායා ඊයේ 23 වැනිදා දහවල් 1 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණු විභාගයට පාසල් ශිෂ්‍යයාව සිය පියා සමග විභාග මධ්‍යස්ථානය වෙත ත්‍රීරෝද රථයෙන් පැමිණෙමින් සිටිය දී පරගම්මන බට වංගුව ප්‍රදේශයේ දී තරුණායා තවත් හිතවතෙකු සමග යතුරු පැදියකින් පැමිණ කෑගල්ල දෙසට ධාවනය වෙමින් තිබුණු ත්‍රීරෝද රථය යතුරු පැදියෙන් හරස් කර බැස පාසල් ශිෂ්‍යයාවට ඇසිඩ් පෙවිමට උත්සහ කරන අවස්ථාවේ දී පියා ඇසිඩ් බෝතලය ගෙන තරුණායාට එල්ල කර ඇති බවත් පොලිසිය පැවසීය.
පාසල් ශිෂ්‍යයාව දැනට කෑගල්ල මහ රෝහලේ අංක 2 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සැකකාර තරුණායා හා පාසල් ශිෂ්‍යයාවගේ පියා අංක 5 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය. තිදෙනාගේ තත්ත්වය බරපතල නොමැති බවත් පොලිසිය පැවසීය.
දිනමිණ