නටන්න ගයන්න රගන්න මේ හැම දක්ෂතාවයක්ම හැම කෙනෙකුටම එකවර පිහිටන්නේ නැහැ. නමුත් මේ හැම දෙයක් එක්කම වෛද්‍යවරියක් වුනු සුරුපිණියක් තමයි හිරුෂි ජයසේන කියන්නේ. මේ ඇය ගැනයි.
ඔබ තවමත් හීනෙන් ඇවිදිනවද?
මම හීනෙන් ඇවිද්දා තමයි. හැබැයි ඒ මායා චිත්රපටියෙ තේමා ගීතය ගයමින් විතරයි. ඒ සිංදුව මම කියන්නෙ සුරේන්ද්‍ර පෙරේරා එක්ක. ඒ ගීතයේ මම ගායනා කළ පේලි කිහිපයෙනෙ ඔය හීනෙන් ඇවිදින කතාව තියෙන්නෙ.
කොහොමින් කොහොම හරි ඒ සිංදුවෙන් පස්සෙ ඔබේ හැඟුමන් ඇවිස්සුනා.
හැඟුමන් කියන්නෙ මට ලැබුණු ලස්සන සිංදුවක්. තරුණ පරපුර ආදරයෙන් වැළඳගත්තු ගීතයක් මේ ගීතයෙන් කියැවෙන්නේ තැරුණියකගේ හිතේ උපදින ප්‍රේමණීය හැඟීම් ගැන. සාමාන්‍යයෙන් ඕනෑම තරුණියක් දකින හීනය තමයි, තමන්ට හුඟක් ආදරය කරන කඩවසම් තරුණයෙක්. අන්න ඒ යුවතියන්ගේ සිහිනය ගැන තමයි මේ ගීතයෙන් කියැවෙන්නෙ.
මේ ළඟදී හැඟුමන් ගීතයට රූප රචනයකුත් නිර්මාණය කළා නේද?
අද කාලෙ ටේරන්ඞ් එක තමයි රූප රචනය. අපි කොච්චර ඕඩියෝ කළත් ඒක සමහරුන්ට අහුවෙන්නෙ නැහැ. ඒත් ලස්සන විෂුවල් එකක් කලොත් ඒක හැමෝම ආශාවෙන් බලනවා.
මේ රූප රචනය ලස්සන එකක් කියල ද ඔයා කියන්නෙ?
මම විතරක් නෙමෙයි, විෂුවල් එක බලපු හැමෝම එහෙම කියනවා.
ඇයි මේ රූප රචනය ලස්සනයි කියන්නෙ?
මේක හරි ජීවමය විෂුවල් එකක්. අඬන වැළපෙන දර්ශන නැහැ. තියෙන්නෙ හරිම ලස්සන ආදරණීය සිදුවීම් කිහිපයක්.
මෙහි යුවතියට රඟ පාන්නෙ හිරුෂිමයි. ඒත් තරුණයාට රඟපාන්නෙ හේමාල්. ඇයි තරුණ නළුවෙක් තෝරගත්තෙ?
හේතු කිහිපයක්ම තියෙනවා මේ වීඩියෝ ටීම් එකට ඕනෑ වුණේ වර්තමාන සිනමාවෙ ඉන්නෙ සිහින කුමාරයා මෙහි පෙම්වතාට ගන්න. ඒ සිහින කුමාරයා තමයි හේමාල් රණසිංහ.
ඔයාගෙයි හේමාල්ගෙයි ආදරණීය රඟපෑම්, රසිකයන්ගෙ හැඟුමන් අවුස්සලාද?
ඒවගේ තමයි පේන්නෙ ලැබෙන ප්‍රතිචාරවලින්.
සමහරු කියනවා හේමාලූයි හිරුෂියි මැචින් කපල් එකක් කියලා. මට බයයි ඔයාටත් නිළියක් වෙන්න වෙයිද කියලා.
ප්‍රශ්නයක් නෑ. කවුරු හරි කතාකළොත් චිත්‍රපටයක රඟපාන්න එන්න කියලා මම ඒ චරිතය කැමැත්තෙන් බාර ගන්නවා. හැබැයි පිටපත හොඳ එකක් වෙන්න ඕනෑ. නළුවා හේමාල්ම විය යුතුත් නැහැ. කොටින්ම මට නළුවා ප්‍රශ්නයක් නෙමෙයි.
පසුගිය දවස්වල දකුණු ඉන්දියාවෙ මොකද කළේ?
මට බොලිවුඩයෙ ජනප්‍රිය ගායකයෙක් එක්ක යුග ගීතයක් ගයන්න අවස්ථාව ලැබුණා.
ඒ මොකක්ද අප්පේ ඒ?
ශාන් මුඛර්ජි කියන්නෙ වර්තමාන ඉන්දියාවෙ ඉතාමත් ජනප්‍රිය ගායකයෙක්. පනා කියන චිත්‍රපටයෙ ශාන් මුඛර්ජි ගයපු ගී හරිම ජනප්‍රියයි. එතකොට ඕම් ශාන්ති ඕම් කියන සිංදුව මේ ගීත අහල ශාන් මුඛර්ජිට මම ආදරය කළා. ඒ ආදරය ඇතිවුණේ පොඩි කාලෙදීමයි. ඉතින් ශාන් මුඛර්ජි එක්ක යුග ගීයක් ගයන්න ලැබුණු අවස්ථාව මට තාමත් හීනයක්.
හීනෙන් ඇවිදීමේ ප්රතිඵලයක්මද මේකත්?
මගෙ තාත්ති රනිල් ජයසේනට දකුණු ඉන්දියාවෙ චිත්‍රපට ක්ෂේත්රයේ සම්බන්ධකම් තියෙනවා. ඒ සබඳකම් ඔස්සේ ලැබුණු අවස්ථාවක් මේක.
ඒ කියන්නෙ දැන් හිරුෂි, හින්දියෙනුත් සින්දු කියනවා?
හින්දි විතරක් නෙමේ. ඒ සිංදුවම කන්නඩ භාෂාවෙනුත් කියනවා. ඒ ශ්‍රී කර් කියන හයිද්‍රාබාදයේ ජීවත්වන ගායකයෙක් එක්ක. ඔහු නළුවෙකුත් වෙනවා.
මේ ගීත දෙකෙත් රූප රචනා ඇතුළත්ද?
ඔව්.. ඒ රූප රචනා වැඩවලට මට ආයෙත් ඉන්දියා යන්න වෙනවා ළඟදීම.
ඒකද පිටරට ගිහින් ඉගෙන ගෙන, උපාධි අරගෙන, ආපහු ලංකාවටම ආවෙ?
මං ආසයි ලංකාවට.. වෛද්‍යවරියක් වෙන්න. ඉගෙන ගත්තට, කලාවෙ නියැලෙන්න තමයි වැඩි කැමැත්ත.
අපරාදෙ තාත්තගෙ සල්ලි?
තාත්ත විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාට කලාකරුවෙක්. සිංදු ලියනවා. සිංදු කියනවා. කෙටිකතා ලියනවා. ඔය හැමදේම කරනවා. මටත් කලාව කරන අතරෙ වෛද්‍ය වෘත්තිය කරන්න බැරිකමක් නැහැ.