Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
11
"හිතේ ඉන්න ආදරවන්තිය ගැන මුල්වරට හේමාල් රණසිංහ හිරු ගොසිප් එක්ක කියූ කතාව.." - Photos

- "හිතේ ඉන්න ආදරවන්තිය ගැන මුල්වරට හේමාල් රණසිංහ හිරු ගොසිප් එක්ක කියූ කතාව.." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views

"මට ඕන හේමාල් රණසිංහව පුළුල් තිරයේ දකින්න.."

"හැමදාමත් මගේ තීරණ මට ගන්න ඉඩ දුන්නා..."

හේමාල් රණසිංහ කියන්නේ රිදී තිරයට ගැළපෙන හැඩයක් කියලා බොහෝ දෙනා මේ දවස්වල කතා කරනවා. ඒ ඔහු රගන අලුත් චිත්‍රපටය නිසයි.සිනමා කියැවීමක් තියෙන හේමාල් නිරුපණයට තිත තියලා සිනමාව එක්ක සම්පුර්ණයෙන්ම එකතු වෙලා.මේ දිනවල බොහෝදෙනා කතාබහ කරන හිරු ටීවී විකාශය වන  Super Dancer වැඩසටහනේ ඔහු විසුරුවරයෙක් හැටියටත් කටයුතු කරනවා. ඒ නිසා අලුත් තොරතුරු කතා කරන්න ඔහුව හිරුගොසිප් එක්ක එකතු කර ගත්තා.


හේමාල් නිර්මාණයකදී මුලිකත්වය දෙන්නේ පිටපතටද, චරිතයටද, අධ්‍යක්ෂකටද එහෙම නැති නම් මුදලටද..?
ඒක සාපේක්ෂයි. එන විදිහට තමයි මගේ මුලිකත්වය මම ලබා දෙන්නේ. විශේෂයෙන්ම මම පිටපත බලනවා. පිටපතේ තියෙන බර හිතට දැනෙන්න ඕන. රගපාන මම ඒ පිටපත විදින්න ඕන.ඒ නිසා මට ප්‍රබල පිටපතයි. ඒ වගේම තමයි කලාත්මක නිර්මාණයක් වුණත් වාණිජ අරමුණින් නිර්මාණය වෙන්න පුළුවන්. පිටපතේ ඉන්න චරිතය ජිවත් කරවන්නේ ඒ ජිවිතේ මෙහෙය වන්නේ අධ්‍යක්ෂක. එතකොට අධ්‍යක්ෂක මුලික වෙනවා. මේ හැම දෙයක් එක්කම මුදලත් මුලික වෙනවා. ඒකයි මම කිව්වේ නිර්මාණයෙන් නිර්මාණයට ඔය කියන කාරණා සාපේක්ෂයි කියලා.ඒ වගේම ඇතැම් අවස්ථාවලදී මම අවධානම් තීරණ අරගෙන නිර්මාණ භාර අරගෙන තියෙනවා.

ඔබ නිර්මාණයකදී අය කරන මුදල නිෂ්පාදකට දරා ගන්න අමාරුයි කියලත් කියනවා..?
මම නම් කියන්නේ මම අයකරන මුදල මදි කියලයි. ඒත් කරන්න දෙයක් නැහැ. මොකද වෙනත් රටවල් වගේ නෙමෙයි අපේ රට. අපේ රටේ රංගන ක්ෂේත්‍රය පවත්වාගෙන යන්නේ අපහසුවෙන්. මම කරන කැපකිරීමට සරිලන මුදල් ලැබෙන්නේ නැහැ.

අලුත් සිනමාපටයට ඔබත් එක්ක එකතු වෙන්නේ රංගනයට අලුත් මුහුණු දෙකක්. ඒ චරිත දෙක එක්ක සිනමා කාචය ඉදිරියේදී ඔබට අපහසුවක් අභියෝගයක් වුණේ නැද්ද..?
චුලක්ෂි වගේම ටීනා කියන්නේ නිරුපණයට සම්බන්ධ අය. මේ දෙන්නම නිරුපණයට ආවේ මම නිරුපණයෙන් අයින් වුණාට පස්සේ. කොහොම නමුත් මම ඒ දෙන්නවම දන්නවා. මේ දෙන්නගේ හැඩතල දෙකක්. දක්ෂතා දෙකක්. ඒක චිත්‍රපටයට හොදින් ගැලපුනා. මට අපහසුවක් වුණෙත් නැහැ. හොද අවබෝධයක හිටිය නිසා.

ඔය කියන සිනමා කෘතිය අතිශයින් ජනප්‍රිය වුණත් සාර්ථක නිර්මාණයක් වුණත් එක් දර්ශනයක් ගැන ඇතැමුන් කතා කියනවා. ඔබ ටිනාට දෙන තොල් හාදුව ගැන ...?
ඒ දර්ශනය පිටපතේ තිබුණා. අධ්‍යක්ෂකගේ තීරණය තමයි ක්‍රියාත්මක වුණේ. සමස්ත සිනමාපටයටම ප්‍රසාදය හිමි වෙලා තියෙනවා.

රිදී තිරය ජයගත් හේමාල්ට පුංචි තිරය අකැපද..?
මම හෙට දවස ගැන දන්නේ නැහැ. මට අනාගතේ ගැන ලොකු හීන නැහැ.ඒ නිසා මට ඕන දැනට හේමාල් රණසිංහ කියන චරිතය පුළුල් තිරයේ දකින්න විතරයි. රිදී තිරයේ තියෙන දැවැන්තකමට මම ආසයි.

බොහෝ දෙනෙක් නම් කියන්නේ හේමාල් ආඩම්බර චරිතයක් කියලා..?
ජනතාව හිතන විදිහ විවිධයි. එක එක විදිහට දකින්න හිතන්න පුළුවන්. මම ඒකට වරදක් කියන්නේ නැහැ. නමුත් මම මට ආදරේ කරන ජනතාවට ඇයි ආඩම්බර වෙන්නේ.ඔවුන්ගේ ආදරේ තමයි අපිව බොහෝ දුර අරගෙන යන්නේ. මම නම් ආඩම්බරෙන් ඉන්නවට වඩා ආදරේ ලබන්න කැමතියි.

කලවයස හරි. විවාහයක් කරගන්න කියලා දෙමාපියන් හේමාල්ට නීති ගෙන එන්නේ නැද්ද..?
විවාහයට විතරක් නෙමෙයි කිසිම දෙයකට මට මගේ දෙමාපියන් බලපෑමක් කරන්නේ නැහැ. හැමදාමත් මගේ තීරණ මට ගන්න ඉඩ දුන්නා. මම ගත්ත වැරදි තීරණ වලදී හරිගස්සන උත්සහ කළේ නැහැ. නමුත් ඒ වෙලාවට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. අදටත් එහෙමයි. විවාහයේදීත් එහෙමයි. මම හිතනවා මට විවාහ වෙන්න තව කල් තියෙනවා කියලා.

ඒ කියන්නේ හේමාල්ට තනිකමෙන් හා තනියම ඉන්න එක හොදයි කියලා හිතෙනවා..?
විවාහ වුණු අය හිතනවා අපරාදේ විවාහ වුණේ තනියම ඉන්න තිබුණා කියලා. තනිකමෙන් ඉන්න අය හිතනවා තනිකමෙන් ඉන්නවට වඩා හොදයි විවාහ වුණා නම් කියලා. මටත් තනිකම දැනෙන වෙලාවල් තියෙනවා.

ඇත්තටම කාටවත් මේ වෙනකොට ආදරේ හිතිලා නැද්ද.. එහෙම නැත්තම් මාධ්‍යට ප්‍රේමය වසන් කරනවද..?
මට දැන් පෙම්වතියක් නැහැ. මම හිතින් ආදරේ කරලා තියෙන ගැහැණු ළමයි ඉන්නවා. මගේ ආදරේ ප්‍රකාශ කරලා නැහැ. මේ වෙනකොටත් මම කෙනෙකුට හිතින් ආදරේ කරනවා. එයාට ආදරේ ප්‍රකාශ කරලා නැහැ. එයාට මගේ ආදරේ දැනිලා නොදැන වගේ ඉන්නවද දන්නෙත් නැහැ.

හිතට දැනෙන කෙනෙකුට ආදරේ ප්‍රකාශ නොකර ඉන්න එක පසුතැවීමට හේතුවක් වෙලා නැද්ද..?
අපරාදේ කියලා හිතිලා තියෙනවා. එහෙම හිතෙනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.

Super Dancer වැඩසටහන හිරු ටි වී තුළින් අද රාත්‍රී 8.30 විකාශය වන අතර එහිදී ජනප්‍රිය නළු හේමාල්ගේ විශේෂ නර්ථනයක් දැකගන්න ලැබෙනවා. අද රාත්‍රී ඒ විශේෂ අවසථාව 8.30 හිරු ටීවී තුළින් නරඹන්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top