කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය නවීකරණය කොට යළි විවෘත කිරීම නිමිත්තෙන් එය සැමරීම සඳහා එමිරේට්ස් ගුවන් සමාගම ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් ඊයේ (14) දින සවස 4.30 ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුනා.
එම යානය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, එයට ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , නියෝජ්‍ය අමාත්‍ය අශෝක අඹේසිංහ, එමිරේට්ස් ගුවන් සමාගමේ ජේෂ්ඨ උප සභාපති අහමඩ් කූරි, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති සමන් එදිරිවීර , පැමිණි ගුවන් යානයේ ප්‍රධාන නියමු උදය තිලකරත්න, සහායක නියමු අල් මිහාරි ඇතුළු විශාල අමුත්තන් පිරිසක් සහභාගි වී සිටියා. .
මෙම යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ -380 වර්ගයට අයත් එකක් වන අතර , එහි මගීන් 540 කට එකවර ගමන් කළ හැකියි.