අනෝමා ජිනාදරී කියන්නේ හැමදාමත් කතා බහට ලක් වුණ චරිතයක් .සිනමා තරුවක් වුණත් සිනමා කාචය ඉදිරියේ නිරුවත් වෙන්න හැම නිලියකටම බැහැ .ඇය ඒ කැප කිරීමත් සිනමාව වෙනුවෙන් කරද්දී බොහෝ දෙනා ඇය ගැන කතා කළා .ඇයව විවේචනයට ලක් වුණා . ඇය සිනමාව වගේම ලේඛනයේදීත් ලිංගිකත්වය ගැන කෙලින් කතා කරන නිසා පසුගිය සති අන්තපුවත්පතක පලවුන ලිපියක් මෙසේ පළ කරන්න හිතුවා. මේ අනෝමා ජිනාදරීගේ කතාවයි .
සිනමාවේ කතාබහට ලක් වුන ප්‍රවීණ නිලියක් වුණත් මෑතකදී ඔබේ නිර්මාණ දකින්න ලැබුණේ නැහැ ....?
ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිලියක් විදිහට මම ආවට ගියාට දේවල් කරන්නේ නැහැ .එත් පසුගිය දිනවල හොඳ ටෙලිනාට්‍ය දෙකක රගැපැවා .ජනවාර්ගික අර්බුදය ගැන කතා කරන කෙට් චිත්‍රපටයකටත් දායකත්වය දුන්නා .මේ දේවල් එක්ක මගේ ජීවිත කතාවේ හතරවැනි කොටස පුනරවර්ජන නමින් වෙළෙදපොළට නිකුත් කළා .
සිනමාව තුළ අභියෝගාත්මක චරිතවලින් රසිකයන් අතරට ගිය ඔබ වර්තමානයේ බිහි වන නිර්මාණ ගැන සැහීමකට පත් වෙනවාද ....?
අලුත් නිර්මාණ බිහිවෙන්නේ පරිකල්පන ශක්තිය දියුණු තිර රචකයන් හා අධ්‍යක්ෂකවරුන් හිටියොත් විතරයි .ඇතැම් චිත්‍රපටි ටෙලිනාට්‍ය බවට පත් කරනවා .පරිකල්පන භංගත්වය තමයි මේ දේවල් වලින් පෙන්නේ .මේ නිසා දැන් බිහිවෙන නිර්මාණ ගැන සැහීමකට පත් වෙන්න බැහැ.
ඔබ සංජීව නූගත් තිරිසනෙක් හදාගම උගත් ගෝත්‍රිකයෙක් කියලා සමාජ ජාලයක කළ ප්‍රකාශය ගැන බොහෝ දෙනා කතා කරනවා . ඔබ මේ වගේ දෙයක් කියන්නේ ඇයි .....?
මේ කතාවට හේතු වුණේ පසුගිය දවසක එක්තරා චිත්‍රපටයක මංගල දර්ශනය අවස්ථාවේ වුණ සිදුවීමක් .මම එතනට ගිය වෙලාවේ මම රංගනයෙන් දායකත්වය දුන් චිත්‍රපට අධ්‍යක්ෂවරු දෙන්නෙක් මට මුණ ගැහුණා .මේ අයගේ චිත්‍රපටිවල වෙන අය නොකරන කැපකිරීමක් මම විශේෂයෙන් කරලා තියෙද්දිත් මාව මග හැරියා .එකට හේතු වුණේ මගේ පෞරුෂය ඉහිලිමට තරම් හැකියාවක් ඒ අයට නැති වීමයි .
සමාජයේ ප්‍රසිද්ධ චරිත වලට මුහුණු පොත හරහා මඩ ගහන්නේ ඇයි ....?
තනි තටුවෙන් පියාබන්න සහ දැවෙන විහගුන් චිත්‍රපටවල රචකයන් වගේම අධ්‍යක්ෂවරුන් දන්නවා මම ඒ නිර්මාණවලට නිරුවතින් කළ රංගනය වෙනත් නිළියකගෙන් ඉටු කරගන්න බැරි බව. මේ අය නිර්මාණවලින් පෙන්නන්න හදන ගැහැණිය පරපිඩ්ත කාමයෙන් විදින දුක්ගැහැට කියන පරමාදර්ශී තේමා සිමා වෙන්නේ නිර්මාණයට විතරයි .ඉතිං මේ අයගේ ආකල්පවල ප්‍රතිවිරෝධයම තමන්ටම මඩ ගැසා ගැනිමක් .අමුතුවෙන් ඔවුන්ට මම හෝ වෙනත් කෙනෙක් මඩ ගහන්න අවශ්‍ය නැහැ .
ඔබ චෝදනා කරන්නේ ඔබට නිර්මාණයකදී නිසි වටිනාකම නොලැබුණ නිසාද ....?
විකල්ප ධාරාවේ සිනමා අධ්‍යක්ෂවරු මුල සිටම කරලා තියෙන්නේ මේ පොළොවේ ගැහැණිය සිනමාවේදී විකුණාගෙන කපු එකයි .ගැහැණිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා ඇගවිමත් මේ අයගේ කපටි බිස්නස් එකක් .
කොන්දේසි විරහිතව නිරුවත් කළා කිව්වාට එය ඔබ අකමැත්තෙන් කළ දෙයක් නෙමෙයි නේද ...?
තනි කැමැත්තෙන් වගේම බලහත්කාරයෙන් තමයි ඒක කරන්නේ .ඒක ඔප්පු කරන්න නම් එන්න දර්ශන තලයට .අධ්‍යක්ෂවරු නිලියන්ට කරන අඩත්තේට්ටම් දැකබලා ගන්න .එක අවස්ථාවක මේ මගේ සඳයි ච්ත්‍රපටයේ රූගත කිරීම් සුදානම් කරලා එක වරම මගේ ලැම කැමරාවට පෙනෙන විදිහට මා ඇද හිටිය ඇදුම කැමරාවට සමීප කළා .අවාසනාවට ඔහු මගේ සැමියා.
මොවුන්ට චෝදනා කරන්න සමාජ මාධ්‍ය යොදා ගන්නේ ඇයි ....?
මගේ හිතට එන පිරිසිදු අදහස් නිර්භයව කියන්න පුළුවන් ශක්තියක් මට තිබුණා .එදා මට මාධ්‍යයෙන් එකට ඉඩක් තිබුණේ නැහැ .නමුත් අද මට ඒ අවස්ථාව තියෙනවා .මට ඒ ඉඩ හදලා දුන්නේ මාර්ක් සකබර්ග් .මම උපයාගත් ප්‍රසිද්ධිය , කිර්තිය මෙහේ ඉන්න බෙලහිනයන් උදුරා ගන්නකොට මම ලබන කිර්තිය රැකගන්න මුහුණත් පොත හරහා ඉඩ ලැබෙනවා .මුහුණු පොත මාව අපහරණයට ලක් කරන්නෙත් නැහැ .මගේ දක්ෂතා සුරා කන්නෙත් නැහැ .ඒත් හඳගමත්, සංජීවත් මගේ ශ්‍රමය හා නිරුවත සූරා කනවා .
අනෝමාට පිළිගැනීමක් වටිනාකමක් නැති වුණේ මේ අයගෙන් විතරද ....?