Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
06
"මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා මිනිස්සුන්ට වටිනවා. ඒ අවස්ථාව අහුරන්න එපා. තියෙන විදියට දන් දෙන්න." හැමෝම කියන කතාවලට මුතුගල සර් පිළිතුරු දෙයි..

- "මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා මිනිස්සුන්ට වටිනවා. ඒ අවස්ථාව අහුරන්න එපා. තියෙන විදියට දන් දෙන්න." හැමෝම කියන කතාවලට මුතුගල සර් පිළිතුරු දෙයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views

දිනේෂ් මුතුගල. ලංකාවම ආදරය කරන ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක්.

ඔහු පසුගිය දිනක කොත්මලේ ප්‍රදේශයේ ආපදාවට ලක් වූ , ළඟාවීමට  අපහසු ප්‍රදේශයක මිනිසුන්ට ආධාර ලබාදුන්නා.


ඔහු කලේ සත් ක්‍රියාවක්. ඒත් ඒ ගැන විවිධ කෝණයෙන් බලන මිනිසුන් ඕනෑ තරම්. මේ වෙලාවේ අප කළ යුත්තේ අසරණ වුණු ජනයාට පිහිට වීම වුණත් සමහරුන්ට තියන ලොකුම ප්‍රශ්නය කොහොමද මෙහෙම කළේ? ඇයි මෙහෙම කළේ? වීඩියෝ වයිරල් වුණේ කොහොමද? කියන එක නම්, ඔහු මේ සටහන ලියා ඇත්තේ අන්න ඒ ගැනයි.

හෙලිකොප්ටරයෙන් ගොස් ආධාර දීම සම්බන්ධ ගැටළුවලට පිළිතුරු..!
- හෙලිකොප්ටර් එකෙන් බඩු බෙදන්න ගියේ ඇයි?
අදාළ තැන්වලට අපි සතු වාහනවලින් යාගත නොහැකි නිසාත්, ඖෂධ වැනි ඉක්මන් අවශ්‍යතා තිබූ නිසාත් ය. එබැවින් ප්‍රමාදය වළක්වා ගැනීම සහ අසීරු තැන් තරණය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් භාවිතා කළෙමු.
- පොඩි හෙලිකොප්ටර් යානයක ගියේ ඇයි?
ඊට පෙර යානයක් අනතුරට ලක්වූ නිසා, එම මොහොතේ අනතුරුදායක පැතිවලට ලොකු යානා ගොඩබැස්සවීම සඳහා අසීරුතා තිබුනි. (පෞද්ගලික යානා නිසා). මුදල් ගෙවා වෙන් කරවාගැනීම සඳහා පවා යානා නොතිබුණි. ඒවාද අත්‍යාවශ්‍ය සහන කටයුතු සඳහා භාවිතා කර තිබුණි. එබැවින් පොඩි යානයක් යොදාගත්තෙමු.
- බඩු පොඩ්ඩයිද අරන් ගියේ?
එකවර රැගෙන ගියේ 130kg ප්‍රමාණයක්. නැවත නැවත බඩු පටවා කීප වතාවක් විවිධ ප්‍රදේශ වලට රැගෙන ගියා. විඩියෝවේ අන්තර්ගත වන්නේ එක් ප්‍රදේශයක් පමණයි.
- මොනවද බෙදුවේ?
ක්ෂණික ආහාර, බිස්කට්, අත්‍යවශ්‍ය ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී දේවල්. ඖෂධවල ලොකු බරක් නොවන නිසා බොහෝ ගෙන යා හැකි උනා.
- කාටවත් යන්න බැරිනම් ආමි එකයි අනිත් අයයි ගියෙ කොහොමද?
ඒක ඔවුන්ගෙන් ඇසිය යුතු එකක්. අනික කාටවත් යන්න බැහැ කියන්නේ මිනිසුන් නැහැ කියන එක නෙවෙයි. ඔවුන් දින ගණනක් එහි සිටින අය. එය ඔවුන්ගෙන් අසන්න. මා දන්නා තරමින් බයිසිකල්වලට සහ පොඩි වාහනවලට යා හැකි මාවත් තියෙනවා. නමුත් ඒවායේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය අසීරුයි. හැකි උනත් ඖෂධවල එහෙම හිගයක් තියෙනවා.
- කාටවත් යන්න බැරිනම් ඔබේ වාහන ගියේ කොහොමද?
ඒ වාහන ආවේ නාරම්මලට. ඒ තමයි හෙලිකොප්ටරයට බඩු පටවන අවස්ථාව.
- විඩියෝ කළේ ඇයි?
විඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් "මොකුත් කලේ
නැහැ නේද" කියා අසනවා. විඩියෝ දැම්මොත් "විඩියෝ දැම්මේ ඇයි" කියා අසනවා. එය ඇතැමුන්ගේ මානසික ගැටළුවක්. එය තනි තනිව විසඳා ගත යුතුයි.
- වීඩියෝවට සින්දුවක් දැම්මේ ඇයි?
නිකන්ම විඩියෝවක් පල කරනවාට වඩා පසුබිම් ගායනයක් හෝ සංගීතයක් දමා පළකිරීම උචිතයි. එයට අකමැති නම් ශබ්ද ක්‍රියා විරහිත කර අසන්න.
- විඩියෝව වයිරල් කළේ ඇයි?
අපි කළේ විඩියෝව සමාජ මාධ්‍යයේ අපේ පුද්ගලික පිටුවේ පලකරපු එක. වයිරල් උනා කියා කියනවානම් එය කළේ අපි නොවේ. එය කළේ විඩියෝව නැරඹූ අය. අපි කිසිම තැනක මුදල් ගෙවා වයිරල් කර නැහැ.
- හෙලිකොප්ටරයට ගිය වියදමෙන් බඩු බෙදන්න තිබුනා නේද?
අපි ලක්ෂ ගණන් මේ පළාත්වල අයට ගොඩබිමින් බඩු බෙදනවා දැන් දවස් ගණනක් තිස්සේ. එහෙමත් බඩු බෙදන අතරේ තමයි ඔහොමත් කළේ. ඇතැම් පැතිවලට අපි කොපමණ බඩු බෙදුවත් නොලැබෙන පැති තිබෙන නිසා ඒ සඳහා ගුවන් යානයක උදව්ව ගත යුතුම වෙනවා.
- ගමේ අයට අත වැනුවේ ඇයි?
ගමනක් යන්න කලින් "ගිහින් එන්නම්" කියා යන්න පුරුද්දක් අපිට තියෙනවා. එතැන හෙලිකොප්ටරයේ ශබ්දය නිසා "ගිහින් එන්නම්" කීවාට ඇසෙන්නේ නැහැ. අත වනා යානයට ගොඩඋනේත්, යානයේ යද්දී අත වැනුවේත් ඒ නිසයි.
මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා මිනිස්සුන්ට වටිනවා.
ඒ අවස්ථාව අහුරන්න එපා.
තියෙන විදියට දන් දෙන්න.
දෙන අයට දෙන්න ⁣ඉඩ දෙන්න.
මිනිස්සු තමන්ට පුළුවන් විදියටයි පුළුවන් දේ කරන්නේ.
එයට ඉඩදෙන්න.
- දිනේෂ් මුතුගල -
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top