වසර ගණනාවක් තිස්සේ තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් රොෂාන්ගේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණා.
ඔහුගේ මේ සුවිශේෂී දිනය වෙනුවෙන් රොෂාන්ගේ ආදරණීය බිරිඳ කුෂාණි සහ පුංචි පුතණුවන් එකතු වෙලා හරිම අපූරු උපන්දින සැමරුමක් සංවිධානය කරලා තිබුණා. පවුලේ සමීපතමයින් කිහිප දෙනෙකු මැද ඉතාමත් සරලව වගේම ආදරණීය විදිහට පවත්වපු මේ සුන්දර මොහොතේ ඡායාරූප පෙළක් රොෂාන් තමන්ගේ මුහුණු පොතටත් එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ.
සැබෑ ජීවිතයේදීත් ඉතාමත් නිහතමානී චරිතයක් වන රොෂාන්ට ඔහුගේ රසික රසිකාවියන් විශාල පිරිසක් උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනු දකින්න ලැබුණා.
එම ආදරණීය සැමරුමේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.
