ඉරානයේ විදුලි බලාගාර සහ බලශක්ති මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්න ඇමෙරිකානු හමුදාව සේරම ලෑස්ති කරලයි තිබුණේ. හැබැයි අන්තිම මොහොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සේරම වෙනස් කළා.
ධවල මන්දිරයේ ඉඳලා විශේෂ ප්‍රකාශයක් කරපු ට්‍රම්ප්, තමන්ගේ යුද දෙපාර්තමේන්තුවට නියෝග කරලා තියෙන්නේ සැලසුම් කරපු හැම ප්‍රහාරයක්ම දින පහකට "Pause" කරන්න කියලා. ට්‍රම්ප් කියන විදිහට මේ තීරණය අරගෙන තියෙන්නේ ඉරානය එක්ක දැනට කෙරීගෙන යන සාකච්ඡාවල යම් ප්‍රගතියක් තියෙන නිසාලු.
සාමාන්‍යයෙන් ට්‍රම්ප් තමන්ගේ හිතේ තියෙන දේ කෙළින්ම කියන්නේ 'Truth Social' ජාලයේනේ. ඔහු ඒකේ සටහනක් දාලා කියලා තියෙන්නේ පසුගිය දින දෙකේ ඉරානය එක්ක කරපු සාකච්ඡා "ඉතා යහපත් සහ ඵලදායී" මට්ටමක තිබුණා කියලා. "ගැඹුරු, විස්තරාත්මක වගේම නිර්මාණාත්මක" විදිහට මේ සාකච්ඡා සිද්ධ වුණා කියලයි ට්‍රම්ප් ලෝකෙටම කියන්නේ.
මේ සාකච්ඡා මාලාව ඉදිරි සතිය පුරාම පවත්වන්න ට්‍රම්ප් තීරණය කරලා තියෙනවා. හැබැයි ට්‍රම්ප් පොඩි අනතුරු ඇඟවීමකුත් කළා. ඒ තමයි, මේ ප්‍රහාර කල් තැබීම වලංගු වෙන්නේ ඉදිරි සාකච්ඡාවල සාර්ථකත්වය මත විතරයි කියලා. ඒ කියන්නේ සාකච්ඡා වැරදුණොත් ආයෙත් "වැඩේ" පටන් ගන්න ට්‍රම්ප් දෙපාරක් හිතන්නේ නැහැ කියන එකයි.
මූලාශ්‍ර-අල්ජසීරා