ඇය මේ කියන්නේත් අන්න ඒ වගේ කතාවක්ද..? කාගෙත් ආදරය දිනාගත්ත සෙනාලි ෆොන්සේකා, මේ වෙනකොට ඇයගේ ජීවිතයේ බොහෝ අභියෝගවලට මුහුණදෙන්නේ තනිවමයි. ඉතින් සෙනාලි මේ කියන්නේ කාන්තා දිනය දවසේ ගොඩක් විශේෂ වෙච්ච කතාවක්. ඇයට ආදරය කරන ඔබත් බලන්නකෝ මේ සෙනාලි කියන්නේ මොකක් ගැනද කියලා.
"ගැහැනියක් කොහොම හිටියත්, අවිශ්වාසයෙන්, කතාවක් හදන්න බලාගෙන ඉන්න ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ.
ඒ ලෝකෙම තමයි අපි ''ලෝක කාන්තා දිනය'' සමරන්නෙත්.
ඇයට තමන් වෙන්න ඉඩ දෙන්න... ඇගේ ශක්තිය සීමා කරන්නවත්, ඇගේ හඬ නිහඬ කරන්නවත් උත්සාහ කරන්න එපා.
ඇගේ පුංචි පුංචි අහන්කාරකම් දිහා සැහැල්ලුවෙන් බලන්න පුරුදු වෙන්න. ඇගේ උද්යෝගය, ඇගේ passion එක ප්‍රශ්නයක් කරගන්න එපා, ඇයට නිදහසේ ජිවත් වෙන්න දෙන්න...
ඒ ඇගේ ජීවිතයයි, ඇගේ ලෝකයයි.
ඇගේ ශක්තිය, ඇගේ energy එක පිළිගන්න..
ඇගේ ආලෝකය අඩු කරන්න ඔයා මුල් වෙන්න එපා.."
