හැබැයි මේ හොරා හිතුවේ නැහැ ගමේ මිනිස්සු මෙච්චර ඉක්මනට එළියට බහියි කියලා....
අවුරුදු 18ක විතර තරුණ ගැහැණු ළමයෙක් තනියම ස්කූටරේ යනකොට තමයි මේ සෙල්ලම දාලා තියෙන්නේ. පාර මැදදීම බයික් එක හරස් කරපු මේ හොරා, ඒ කෙල්ලව බිම පෙරළලා දාලා බෙල්ලේ තිබුණු රන් මාලය කඩන්න උත්සාහ කරලා තියෙනවා.
බිම වැටුණු වෙලාවේ ඒ තරුණිය බය වෙලා නිකන් හිටියේ නැහැ. ඇය දාපු මහා හයියෙන් විලාපය නිසා අවට හිටපු මිනිස්සු තත්පර ගානකින් එතනට දුවගෙන ආවා. හොරා තමන්ගේ බයික් එකේ නැගලා පැනලා යන්න හදනකොටම ගමේ මිනිස්සු වට කරලා පාර හරස් කළේ හරියට "ඇක්ෂන්" ෆිල්ම් එකක වගේ...
ඇය උදව් ඉල්ලලා කෑගහපු නිසා තමයි මේ හොරාව අතේ මාට්ටු කරගන්න පුළුවන් වුණේ.
දුවලා ආපු මිනිස්සු කිසිම ඉඩක් තියන්නේ නැතුව හොරාව කොටු කරගත්තා. දවල් දවසේ මහ පාරේ දාමරික වැඩ කරන්න ආපු මේ මනුස්සයාට අන්තිමේදී වුණේ අහල පහල මිනිස්සුන්ගෙන් "හොඳ පින්" අරගෙන පොලිසියට යන්නයි.