Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුව අද (04) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදියි.

මෙහිදී ජනාධිපතිවරයා රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතයි.
26 Views
මඩකලපුව - වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තවත් එල්.ටී.ටී.ඊ. හිටපු බුද්ධි අංශ නායකයෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
25 Views
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් පළ කළ අදහස් කිහිපයක් පහතින්..
34 Views
එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කළා.

එහිදී එම නියෝජිතයින් පිරිස , මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වයට මැදිහත් වන ලෙසයි.
28 Views
හාලි ඇල ප්‍රදේශයේදී කාන්තාවක් පදවාගෙන ගිය යතුරු පැදියක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිය පදවා ගෙන ගිය කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

යතුරුපැදිකරුගේ අධික වේගය අනතුරට හේතුව බවයි පොලිසිය පැවසුවේ.
37 Views
අධිකරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලබන 7 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.
40 Views
ජාතික එකමුතුව සංවිධානය කරන ජනවරමට අවසරයි ජන රැළිය මරදානේදී ආරම්භ වී තිබෙනවා.

මෙම ජන රැළිය හේතුවෙන් මරදාන අවට මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
44 Views
විරෝධතාවයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

57,000 කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස සහ සංවර්ධන නිලධාරීන් 20,000 කට ආසන්න පිරිසකගේ පත්වීම් අත්හිටුවීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මොවුන් අද පෙරවරුවේ මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ කොටුව - දුම්රියපොළ ඉදිරිපිටින්.
101 Views
ආනයනික අර්තාපල් සහ ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40 සිට විස්ස දක්වා පහත දමා තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ.
29 Views
කාසල්රී ජලාශ රක්ෂිතයේ වෙසෙන වළි කුකුලෙක් කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදිමට කාසල්රි ජලාශය හරහා පිනා යන දුර්ලභ දර්ශනයක් අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන්ව තිබෙනවා.
 
කාසල්රී ජලාශ රක්ෂිතයේ වලි කුකුලන් විශාල වශයෙන් වෙසෙන අතර එම වලි කුකුලන්ට ජලාශය අවට සැරිසරන කපුටන්ගෙන් නිතර නිතර ප්‍රහාර එල්ල වෙමින් පවතින බවයි සඳහන් වන්නේ.
160 Views
කෑම කන එක නම් කරන්න පුළුවන්. 
 
ඒත් ඉතින් මෙහෙමත් කෑම කන්න පුළුවන්ද කියලා හිතෙනවා. 
 
මේ කියන්න හදන්නේ ලෝක වාර්තාවලට හිමිකම් කියපු ආහාර පාන ගැනයි. 
 
ලොව පුරා පිරිස් බොහෝමයක් විවිධ වර්ගයේ ආහාර නිෂ්පාදන වලින් ගිනස් පොතට හිමිකම් කියා තිබෙනවා. 
 
ඒ අතරින් තවත් පිරිසක් ආහාර පාන වැඩිපුර අනුභව කරලත් ගිනස් පොතට ගිහින් තියනවා. 
 
මේ ජායාරූප වලින් දැක්වෙන්නේ ඒ අතරින් කිහිපයක්...
68 Views
පන්නිපිටිය ඇරැව්වල අරලියපුර කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්ති සහ මැණික් ගල් කොල්ලකෑමේ සිද්ධියේ තවත් ප්‍රධාන සැකකරුවකු වන ‘මාතර මල්ලී’ නමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් රත්මලාන මැලිබන් හන්දිය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
33 Views
අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව අඩු කළ ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වනවා.

පළමු කිලෝමීටරය සඳහා අය කළ ගාස්තුව රුපියල් 10කින් අඩු කිරීමටයි ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය පසුගියදා තීරණය කළේ.
30 Views
යාපනය, කොඩිගාමම් ප්‍රදේශයේදී කැබ් රථයක් දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටීමෙන් ඊයේ (02) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

කැබ් රථය, යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
91 Views
පන්නල බම්මන්න ප්‍රදේශයේ නිවසකට හොර රහසේ රිංගා ඇද යට නිරුවතින් සිට පසුව ඒ අසලට පැමිණි වයස අවුරුදු 11ක දැරියකට බරපතළ ලිංගික අතවරයකට ලක්කළ බව කියන සැකකරුවකු පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කටුගම්පල වත්තක කිරි එළදෙනුන් බලාගන්නා වයස අවුරුදු 33ක් වූ සැකකරුවෙකි. වින්ධිත දැරියගේ මව ඇගලූම් සේවිකාවක්. පියා වඩුකාර්මිකයෙක් බවත් සදහන්. මේ නිසා දැරිය ඥාති නිවෙස්වල ආරක්‍ෂාවට රදවාගොස් සිටියදී සැකකරු විසින් දැරියට එසේ අතවර කර තිබෙන බව සදහන්.
111 Views
[1]      «      1158   |   1159   |   1160      »      [2147]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top