බස් රථයක් තුළදී කාන්තාවකට හිරි හැර වන ආකරයෙන් හැසිරෙමින් ඇයගේ සිරුර ස්පර්ශය කළ බව කියන සැකකරුවෙකුව මුන්දලම පොලීසිය විසින්අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 22 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 45 වැනි වියේ පසුවන තිදරු පියෙකු බවටද හෙලිවී ඇත.
පුත්තලමේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ බස් රථයකදී මෙම සිද්ධිය සිදුවී ඇත.සැකකරු සහ කාන්තාව බස් රථයේ එකම අසුනක අසුන් ගෙන ගමන් කරමින් සිට ඇත.බස් රථය ගමන් ආරම්භ කිරීමෙන් අනතුරුව සැකකරු යාබදව අසුන් ගෙන සිටි කාන්තාවගේ ශරීරයේ විවිධ ස්ථාන ස්පර්ශ කිරීමට පටන් ගෙන ඇත.කාන්තාව මුලදී ඊට විරෝධය පළ කර ඇත.නමුත් සැකකරු දිගින් දිගටම තම ක්‍රියාව සිදු කර ඇත.
අවසානයේදී කාන්තාව තම ආසනයෙන් නැගිට මේ බව බස් රථයේ සිටි සෙසු මගීන්ට පවසා ඇත.
සෙසු මගීන්ගේ ඉල්ලීම පරිදි බස් රථයේ රියදුරු විසින් මේ බව මුන්දලම පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.
සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.
මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂ සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
"මව්බිම"
සමන්ප්‍රිය ජයශාන්ත.