Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Dec
10
දස ලක්ෂ සංඛ්‍යාවකට ප්‍රතිකාර කරන නූබාවේ හදවත, ආචාර්ය ටොමි කාටේනා

- දස ලක්ෂ සංඛ්‍යාවකට ප්‍රතිකාර කරන නූබාවේ හදවත, ආචාර්ය ටොමි කාටේනාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
“මගේ දෘෂ්ටි කෝණයෙන් බලන කල අපි ක්‍රිස්තියානි වේවා, මුස්ලිම් වේවා, වෙනත් ආගමක හෝ අදේවවාදියකු වේවා, අපි සියල්ලෝම මේ මිහිමවගේ දරුවෝ වෙමු. එබැවින් අපේ සහෝදරයන්ව රැකබලා ගැනීමේ වගකීමක් අපට තිබෙනවා. සෑම පුද්ගලයකුටම කෙසේ කුමන හෝ ආකාරයකින් ඊට දායකත්වයක් ලබා දිය හැකිය.” ආචාර්ය ටොමි කාටේනා එලෙසින් පවසයි

සුඩාන් රජය සහ සුඩාන ජනතා විමුක්ති ව්‍යාපාරය අතර 2011 වසරේ පටන්ගත් සිවිල් යුද්ධය හේතුවෙන් දේශ සීමාවට ආසන්න දිස්ත්‍රික්කයක් වූ “නූබාව” ගිනිගත් පොළොවක කොටසක් බවට පත් විය. වසර ගණනාවක් තිස්සේ ගුවන් බෝම්බ හෙළීම් දිනපතා සිදුවීමත් සමඟ ප්‍රචණ්ඩත්වය පැතිරී ගොවිපොළවල් දැවී අලු වන විට කලාපයේ වෙසෙන මිනිසුන්ට නූබා කඳුකරයට නැඟීමට බල කෙරිණි. නූබාවෙහි සාගින්න සාමාන්‍ය දෙයක් බවට පත් විය. හත්ලක්ෂ පනස් දහසක් ජීවත්වන නූබාවට බෝම්බ වැටුණු පසු මිනිසුන් ඉන් කීතු වී ගියද බෙහෙත් කිරීමට රෝහලක් තිබුණේ නැත. මෙකී අවශ්‍යතාව වටහාගත් Sudan Relief Fund නමැති ක්‍රිස්තියානි සංවිධානය නූබා කඳුකරයෙහි Mother of Mercy නමැති රෝහල පිහිටවූයේය. එහෙත් දිනපතා බෝම්බ වැටෙන පරිසරයක වෛද්‍යවරයකු තබා වෛද්‍ය සේවකයකු හෝ එහි වැඩ කිරීමට අකමැති වකවානුවක ටොමි කාටේනා නමැති වෛද්‍යවරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණ මෙහි වැඩ භාරගත්තේය. ඔහු නූබා රෝහලේ වැඩ බාරගත්තද යුද්ධයේ භීෂණය ඇස් පනාපිට දුටු හේ තමා සූඩානයට පැමිණීම පිළිබඳ අතිශය කනගාටු විය. එහෙත් හේ රෝහල අතහැර ගියේ නැත. ඔහු පළමුව කළේ ප්‍රදේශයේම යන්තම් 9 වැනි ශ්‍රේණිය දක්වා ගිය තරුණ තරුණියන් සොයා ඔවුන්ට වෛද්‍ය පුහුණුව ලබා දීමයි. එය සාර්ථක විය. ඔවුහු යුද්ධය මැද ජීවත් වූ මිනිස්සු වෙති. ඔවුන්ට පළා යෑමට තැනක් මේ විශ්වයේ නැත.

කතෝලික වෛද්‍ය මෙහෙවර මණ්ඩලය (සීඑම්එම්බී) විසින් එවන ලද මේ මිනිසාට වැඩිහිටි මිනිසුන්ගේ සිට පුංචි දරුවන්ගේ දක්වා අතපය කපා ඉවත් කිරීම, ඒවා පූට්ටු කිරීම, සිරුරට ඇමිනී ඇති බෝම්බවලින් පතිත යකඩ කෑලි ඉවත් කිරීම සාමාන්‍ය දෙයක් විය. හත් ලක්ෂ පනස් දහසක් ජනතාවගේ එකම රෝහල මෙය නිසාත් රෝහලට සිටි එකම වෙදදුරා ටොමි කාටේනා නිසාත් ඔහුට දවසේ පැය 24 මේ සඳහා මදි විය. හේ රතු වූ දෑසින් යුතුව දින ගණන් නොනිදා වේදනාවෙන් මොරදෙන රෝගීන්ගේ ජීවිත බේරාගැනීමේ අතිශය බැරෑරුම් කාර්යයට හුදෙකලාව මුහුණ දෙමින් සිටියේය. බෝම්බවලින්, වෙඩි උණ්ඩවලින් තුවාල සිදුවූවන් පමණක් ඔහුගේ රෝගීන් වූයේ නැත. සාගින්නට ගොදුරුව මන්දපෝෂණයට ලක්වූවන්, වසංගතවලට හසුවී ඇවිදගැනීමට හෝ බැරිව ගෝනිවල උස්සාගෙන පැමිණෙන රෝගීන් ඔහුගේ දිනපතා ලැයිස්තුවෙහි අන්තර්ගතය.

එවකට මානුෂීය සංවිධානවලට ආධාර සැපයීම තහනම් කර තිබූ අතර ජාත්‍යන්තර ප්‍රජාව ඇස් පියාගෙන සිටි ප්‍රදේශයක වෛද්‍ය ටොමි කාටේනා හුදෙකලාවම කිසිත් නොඉල්ලා කිසිවකුට හෝ දෝෂාරෝපණය නොකර දිනකට පුද්ගලයන් 500ක් දක්වා ප්‍රතිකාර කළේ එහෙමය.

පසුව ඔහුගේ සහායට වෛද්‍යවරු පැමිණි අතර එමෙන් දෙතුන් ගුණයකින් රෝගීන් පැමිණීම නිසා ටොමි කාටේනා නිදහස් වීමට අවකාශයක් ඉතිරි නොවීය. මේ මිනිසා මොනතරම් නූබා කඳුකරයට ආදරය කළේද යත් එක්සත් ජනපදයෙන් සුදු ජාතික රූමතියක් කසාද බැඳගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබියදී හේ විවාහ කරගත්තේ සිය රෝහලේ දැඩි ලෙස වෙහෙස මහන්සි වී රෝගීන්ට ප්‍රතිකාර කිරීමට තමාට සහාය දෙන කලු ජාතික හෙදියකි. අද ඔවුහු දරුවන් ලැබ බොහෝ ප්‍රීතියෙන් සිටිති. ඇඳන් 40කින් 2011දී පටන් ගත් මෙම රෝහල දැන් ඇඳන් 435ක් දක්වා පුළුල් වී ඇති අතර හෙදියෝ 40කට වැඩි සංඛ්‍යාවක් සිටිති. Peter Attia වෙබ් පිටුව සටහන් කර ඇත්තේ ඔහු ලෝකයේ වටිනාම වෛද්‍යවරයා බවත් ඔහු සුවපත් කළ රෝගීන්ගේ සංඛ්‍යාව දස ලක්ෂයක් බවත්ය.

ලෝකයේ මිනිසුන් වෙනුවෙන් කිසිත් නොඉල්ලා, නොබලා අති දුෂ්කර තත්ත්වයක පවා අභීතව මිනිසුන් සඳහාම කැපවූ මිනිසුන්ට පිදෙන අවුරෝරා ත්‍යාගය සහ ඇමෙරිකන් ඩොලර් මිලියනයක මුදල 2017දී ලැබුණේ මේ විශිෂ්ට මිනිසාටය. එය ඔහුට පිරිනමමින් එහි නිර්මාතෘ Vartan Gregorian පැවසුවේ මෙවැන්නකි.

“ආචාර්ය කාටේනා යනු මනුෂ්‍යත්වය පිළිබඳව මෙතෙක් සැක කළ ඕනෑම කෙනකුට ආශ්වාදයකි. විශාල අසාධාරණයක් හා කැපකිරීමක් තිබියදී පවා ඊළඟ පරම්පරාවට දීප්තිමත් අනාගතයක් සහතික කිරීම සඳහා ඔහු සිය ජීවිතය කැප කළ මිනිසෙකි.''

මේ මිනිසා වෙනුවෙන් තැනූ චිත්‍රපටියක් සුඩානයේ තිබෙන අතර එහි නම “The Heart of Nuba”ය.
 
උපාලි ජයසිංහ




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top