Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jun
12
"ලීලා මරලතෝනි දෙද්දී චමින්ද පිටට පිහි පහර කිහිපයක් එල්ල කළා.." - සිය බිරිඳ අනියම් සැමියා සමඟ ප්‍රසිද්ධියේ පෙම් කෙලිනවා දුටු චමින්ද සිදු කළ අපරාධය

- "ලීලා මරලතෝනි දෙද්දී චමින්ද පිටට පිහි පහර කිහිපයක් එල්ල කළා.." - සිය බිරිඳ අනියම් සැමියා සමඟ ප්‍රසිද්ධියේ පෙම් කෙලිනවා දුටු චමින්ද සිදු කළ අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
"උඹට කඩේ මිනිහත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද..?"
 
"උඹලා අම්මලාද බං? තමුසෙට යන්න අපායක් නෑ.."
 
මේ සිදුවීම වාර්තා වන්නේ හලාවත මාදම්පේ පොලිස් බල සීමාවේ ගල්මුරුව ඇහැලලන්ද ප්‍රදේශයෙන්. ඒ් ඉකුත් මස 24 වැනිදායි.
 
ඉකුත් 26 වනදා සවස පහට පමණ මාදම්පේ පොලිස් ස්ථානාධිපති වසන්ත හේරත් මහතාගේ කාර්යාලයේ දුරකථනයට නිර්නාමික ඇමතුමක් ලැබුණා.
 
"සර් ඇහැලලන්ද ඉස්කෝලේ පිට්ටනිය ඉස්සරහ ගෑනු කෙනෙක්ට පිහියෙන් ඇනලා එතන වැටිලා ඉන්නවා..."

ඒ සමඟම අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් ජිප් රියට නංවාගත් පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය වූ ස්ථානයට ක්ෂණිකව ගියේ සිදුවී ඇත්තේ කුමක් දැයි දැන ගැනීමේ අදහසිනුයි.
 
මාදම්පේ පොලීසියේ සිට සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර හයක්. එහි යන අතරතුර මාදම්පේ රෝහලට කතා කොට ගිලන් රථයක් ගෙන්වා ගැනීමටද ස්ථානාධිපතිවරයා කටයුතු කළා.
 
පොලිසිය එම ස්ථානයට යන විටත් මැදිවියේ කාන්තාවක් ලේ විලක් මැද වැතිර සිටින අයුරුත් ඒ අසල තවත් කාන්තාවක් තුවාල ලබා විලාප දෙන අයුරුත් පොලිස් කණ්ඩායමට දැකගත හැකි වුණා.
 
සුළු වේලාවකින් ගිලන් රථය පැමිණි අතර 'ලේ විලක්' මැද සිහිසුන්ව වැතිර සිටි කාන්තාව සහ තුවාල ලබා විලාප නගන කාන්තාව ගිලන් රථයෙන් හලාවත මූලික රෝහලට යැවීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළා.
 
නමුත් 'ලේවිලක්' මැද වැටී සිටි කාන්තාව රෝහල්ගත කරන විටත් මියගොස් සිටියා.
 
මාදම්පේ පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹුවේ ඉන්පසුවයි. සිද්ධිය වූ ප්‍රදේශය අවට නිරීක්ෂණය කිරීමේදී කාන්තාවන් පාවිච්චි කරන යතුරුපැදියක් සහ බිම වැටී තිබූ උල් පිහියක් ද සොයා ගැනීමට පොලිසියට හැකිවුණා.
 
මෙසේ මිය ගිය කාන්තාව 30 හැවිරිදි ලීලා සමන්ති බවට හඳුනාගත්තා. ඉන්පසු අනාවරණය වුයේ මෙවැනි කතාවක්.
 
සමන්ති හා ඇගේ සැමියා චමින්ද කුමාර ජිවත් වූයේ මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව පල්ලකැලේ ප්‍රදේශයේයි. මීට වසර විස්සකට පෙර දැන හඳුනාගත් මොවුන් ඉන්පසු විවාහ වුණා. විවාහයෙන් පසු යුද හමුදා රාජකාරියෙන් ඉවත් වූ චමින්ද හලාවත ගමනාගමන මණ්ඩලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටියා. මේ දෙදෙනාට දියණියක් හා පුතෙක් සිටින අතර දියණිය මීට මාස කිහිපයකට පෙර විවාහ වී වෙනම ජිවත් වනවා. පුතා ප්‍රදේශයේම පාසලට උසස් පෙළ හදාරනවා.
 
සත්ව ගොවිපළක් පවත්වාගෙන යාම මේ අඹුසැමියන්ගේ ජිවිකාව වුණා. ලීලා රැකියාවක නිරත නොවන අතර ඇය සත්ව ගොවිපළේ කටයුතු සඳහා සැමියාට සහය වෙමින් නිවසේ රැඳි සිටියා.
 
විවාහ වී වසර ගණනක් සතුටින් සමාදානයෙන් ගත කළ මේ අඹුසැමියන්ගේ සතුට සමාදානය 'පෑල දොරින්' පලා ගියේ චමින්ද කුමාරගේ බිරිය නිවෙස අසළ පදිංචි පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම නිසයි.
 
අනියම් පෙම්වතා ද විවාහකයෙක්. ඔහු සිය නිවෙස ඉදිරිපිට වෙළඳසලක් පවත්වාගෙන ගිය අයෙක්. ඇය මේ අනියම් සබඳකමට මුල පුරන්නේ බඩුබාහිරදිය මිලදී ගැනීම සඳහා යාමට එමට පටන් ගැනීමත් සමඟයි. දෙදෙනාගේ මේ අනියම් සබඳකම වැඩිකල් යන්නට මත්තෙන් මුළු ගමේම 'ප්‍රසිද්ධ රහසක්' බවට පත්වුණා. ලීලාගේ සැමියා චමින්ද කුමාරගේ කනට ද බිරියගේ මේ අනියම් සබඳකම ගැන හෝඩුවාවක් වැටුණා.
 
එහෙත් කලබල නොවූ ඔහු මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට කටයුතු කළේ බිරිය ගැන තිබූ විශ්වාසය නිසයි.
 
ඒත් දිගින් දිගටම කන වැකෙන 'නරක ආරංචි' නිසා ඔහු මේ ගැන බිරියගෙන් විමසුවා.
 
"ඇත්ත කියපන්.. උඹට අර ඉස්සර ගෙදර කඩේ මිනිහත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද..?"
 
චමින්ද විමසද්දි ලීලාද ආවේගශිලි වුණා.
 
"ඔයා මේ එක එකාගේ කටකතා වලට රැවටිලා මට බොරු චෝදනා කරන්න එපා.. තමුසෙ හොඳට ඇස් ඇරලා බලලා කතා කරනවා.."
 
ප්‍රශ්නය එසේ නිමා වුවත් අඹුසැමියන් අතර ඇති වූ බහින්බස් වීම දිනෙන් දින උග්‍ර වුණා. ඇතැම් අවස්ථාවල මේ ආරවුල් කෙළවර වූයේ ගුටිබැට හුවමාරුවලිනුයි. අවසානයේ පොලිස් පොතේ ලියවෙන තරමට මේ ප්‍රශ්නය දුර දිග ගියා.
 
කොතෙක් තහංචි දැමුවත් පොලීසියේ පිහිට පැතුවත් චමින්දට බිරියගේ ගමන නැවැත්වීමට හැකි වුණේ නැහැ.
 
තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරුණේ ඔය අතරතුරයි.
 
"අඩුගානේ තමුසේ මේ ඉගෙන ගන්න ළමයා ගැනවත් හිතනවද? උඹලා අම්මලාද බං? තමුසෙට යන්න අපායක් නෑ.." චමින්ද ලීලාට එසේ කියමින් බැන වැදුණා.
 
සැමියාගේ දොස් දෙවොල් නිසා ලීලාට නිවසේ රැඳි සිටිමට තරම් සුදුසු පරිසරයක්ද නොමැතිව ගියා.
 
ඇය සිය මව ජිවත් වන නිවෙසට යාමට තීරණය කළේ ඒ නිසයි. මවගේ නිවස පිහිටියේ ගල්මුරුව ප්‍රදේශයේ යි.
 
ලීලා සැමියාගේ නිවසින් පිටත් වුණත් කඩහිමියා සමඟ පැවැත්වූ අනියම් සම්බන්ධය නතර කළේ නැහැ. ඇය හැකි සෑම අවස්ථාවකම ඔහු මුණ ගැහුණා.
 
ඉකුත් 26 වැනිදා ඇය මවගේ නිවසේ සිට පදිංචි ගමට පැමිණෙන්නේ විදෙස්ගත වීම සඳහා ග්‍රාම නිලධාරියාගෙන් සහතිකයක් ලබා ගැනීම සඳහායි. ඇය ග්‍රාමසේවක හමුවීමට පැමිණෙන්නේ ඇගේ සොහොයුරියද සමඟයි. ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් ගමට පැමිණි අතර එම අවස්ථාවේ ලීලාගේ 'අනියම් පෙම්වතා' ඇහැලලන්ද පාසලේ ක්‍රීඩා පිටිය අසළදී ඇය මුණ ගැසුණා. ඔහු පැමිණෙන්නේ ත්‍රීරෝද රථයකිනුයි.
 
ඒ අවස්ථාවේ ලීලා ඔහු සමඟ කතාබහ කරමින් සිටියදි ඇගේ සැමියා චමින්ද ඒ අසළ ප්‍රදේශයේ කුඹුරු යායට පැමිණියේ ඔහු විසින් රැක බලා ගන්නා එළු රංචුවට අවශ්‍ය කොළ අතු කපා ගැනීමටයි.
 
බිරිය අනියම් සැමියා සමඟ කතා බහ කරමින් සිටිනු දුටු චමින්ද කෝපාවිශ්ඨ වන්නට ඇති. කොළ අතු කපා ගැනීමට ඔහු ගෙනා පිහියද ඒ මොහොතේ චමින්ද අතේ තිබුණා. ඔහු පිහියද රැගෙන ඒ දෙසට ගියා. තමා දෙසට වේගයෙන් පැමිණෙන සැමියා දුටු ලීලා කලබල වුණා. ඇගේ සොහොයුරිය ද යතුරුපැදියේ නංවාගත් ලීලා එතැනින් හැකි ඉක්මනින් පිටත්වීම පිණිස යතුරුපැදිය පණ ගන්වනවාත් සමඟ ඒ අසළ පිහිටි කොස් ගහේ වැදී යතුරු පැදිය පෙරළි ගියා.
 
යක්ෂාවේශයෙන් පසුවූ චමින්ද බිම වැටී සිටි ලීලාගේ පපුව දෙසට පිහි පහරක් එල්ල කළා. පිහි පහරින් බරපතල තුවාල ලැබූ බිරිය ලීලා මරලතෝනි දෙමින් පලා යාමට උත්සහ කරද්දි නැවතත් ඇද වැටුණා. ක්ෂණිකව ක්‍රියාත්මක වූ චමින්ද යළිත් ඇගේ පිටට පිහි පහර කිහිපයක් එල්ල කළා. ලේ විලක් මැද ඇය බිම වැතිරුණා. මේ අතරතුර එතනින් පලා යාමට තැත්කළ සොහොයුරියටද චමින්ද පිහි පහරක් එල්ල කළා. ඉන් ඇය බරපතල තුවාල ලැබුවා.
 
එතැනට රොක් වූ ගම්වාසීන් ගිලන් රථයෙන් හලාවත රෝහලට අක්කා නගෝ රැගෙන යාමට කටයුතු කළත් අධිකව රුධිරය වහනය වීම නිසා ලීලා සමන්ති ඒ වනවිටත් දිවියෙන් සමුගෙන තිබුණා. ඇගේ සොහොයුරිය බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
 
සැකකාර චමින්ද අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
 
අනියම් සබඳතාවයක් නිසා 'ලස්සන කැදැල්ලක්' සුණුවිසුණු වුණේ එලෙසයි. මේ සිද්ධිය එවැනි නුසුදුසු සබඳතා පවත්වන සෑම දෙනෙකුටම උගත හැකි පාඩමකි.
 
'මිහිර විජේසේකර'
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top