පහළොස් හැවිරිදි සිය බාල වයස්කාර පෙම්වතිය මාස තුනක ගැබිනියක් කළ විසි හැවිරිදි පෙම්වතා පසුගිය 09 දින කනදරාවේදී අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටිගල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.
පිටිගල ප්‍රදේශයේ පදිංචි තරුණයාත් මැදවච්චිය පදිංචි මෙම බාලවයස්කාරියත් මුහුණු පොතෙන් දැන හඳුනා ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙම දැන හැදුණුම්කම් මත පිටිගල සිට මැදවච්චියට පැමිණ ඇති තරුණයා මෙම බාල වයස්කාර දැරිය ගැබිනියක් බවට පත්කර ඇතැයි ඇයගේ දෙමාපියන් කළ පැමිණිල්ල මත පොලිසිය මොහු පිටිගල සිට මැදවච්චියට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර පෙම්වතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ගුණතිලක මහතාගේ උපදෙස් මත කාන්තා කාර්යංශයේ උප පොලිස් පරීක්ෂිකා අජන්තා මහත්මිය ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
-එම්. එම්. පී. ජී. පෙරේරා