ජගත් මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් ඇමරිකා එක්සත් ජනපදය ඉන් ඉවත්ව තිබෙනවා.
ඔවුන් පවසන්නේ මානව හිමිකම් කවුන්සිලය සියලු රටවල මානව හිමිකම් වෙනුවෙන් පෙනී නොසිටින බවයි.
ඊශ්‍රායලය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරන්නේ දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් යුක්තව බවට ඇමරිකාව චෝදනා කරනවා.
කෙසේ වෙතත්, ඇමරිකාව මෙලෙස ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම ලෝකයටම බලපෑම් එල්ල කරනු ඇති බව විචාරකයින් පෙන්වා දෙනවා.
මීට පෙර ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරයාගේ ධුර කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය වසර තුනක් ජගත් මානව හිමිකම් කවුන්සිලය වර්ජනය කරනු ලැබුවා.
ඇමරිකාව නැවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්වුණේ බැරක් ඔබාමා ජනාධිපතිවරයාගේ ධුර කාලයේදීයි.