මාතර - රොටුඹ විජයබා නවෝද්‍යා පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුන් දස දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.
පෙරේදා දිනයේ විද්‍යාලයේ ගුරුවරියකගේ මවගේ අවමඟුල් උත්සවයට සහභාගී වන ලෙස විදුහල්පතිවරයා සිසුන්ට දැනුම් දී තිබුණත්, ඇතැම් සිසුන්ට ඒ සඳහා සහභාගිවීමට හැකි වී නැහැ. මේ හේතුවෙන් ඊයේ (30) දිනයේ විදුහල්පතිවරයා වේවැලකින් තමන්ට පහරදුන් බවයි පහරකෑමට ලක්වු සිසුන් සඳහන් කර ඇත්තේ.