අධිවේගී මාර්ගවල වේගය නිරීක්ෂණය කිරීම සඳහා සවි කළ නව මාපක යන්ත්‍ර කැමරා පද්ධතිය අද (14) සිට ක්‍රියාත්මකයි.
එමගින් වාහනවල වේගය නිරික්ෂණය කෙරෙන අතර, වේග සීමා උල්ලංගණය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථානයේ ස්ථාපිත ටැබ් පරිඝනකය හරහා මුද්‍රණයවීම සිදුවන බවයි අධිවේගී මාර්ග නඩත්තු කටයුතු හා සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක සඳහන් කළේ.
මෙම නිරීක්ෂණ කටයුතු දහවල් කාලයේදී මෙන්ම, රාත්‍රී කාලයේ ද සිදු කෙරෙන බව ඔහු කියා සිටියා.