සිසු සිසුවියන්ට මෙන්ම දෙමාපියන්ට සහ ගුරුවරු ගුරුවරියන්ට අප්‍රසන්නතාවක් සහ පිළිකුළක් ඇතිවන පරිදි මීගමුවේ ප්‍රධාන පාසලක් අසල නිරුවත පෙන්වමින් සිටියදී අත්අඩංගුවට ගත් 34 හැවිරිදි තිදරු පියකුට ඇප ලබා දීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකරු ජුලි මස 29 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබනවා.
ඇප ප්‍රතික්‍ෂේප වී රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරු වූයේ මීගමුව මුන්නක්‌කරය ප්‍රදේශ පදිංචි තිදරු පියෙකි.
එදින පාසල ආරම්භ වීමට පෙර පාසල අසල සිට නිරුවත ප්‍රදර්ශනය කරමින් සිටි සැකකරු මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‌ෂක සමන්තිලක වැලිවිට මහතාගේ අධීක්‍ෂණය මත මීගමුව පොලිසියේ විවිධ පමිණිලි අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‌ෂක සම්පත් දිසානායක මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත.