Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
04
සුන්නත් කරන්න ගෙනා නිවුන් පිරිමි දරුවෙකු ගැහැණු දරුවෙකු බවට පත් කරමින් වෛද්‍යවරයෙකු කළ අත්හදා බැලීම මහා විනාශයක් වූ හැටි - Photos

- සුන්නත් කරන්න ගෙනා නිවුන් පිරිමි දරුවෙකු ගැහැණු දරුවෙකු බවට පත් කරමින් වෛද්‍යවරයෙකු කළ අත්හදා බැලීම මහා විනාශයක් වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

සැත්කම අසාර්ථක වීමෙන් පසු සිදු වූ දේ..

පසුසැත්කමකින් පසු පෙනුම වෙනස් කරගත් හැටි..

ලිංගික සංක්‍රාන්තික, එහෙම නැත්තම් සරලව විග්‍රහ කරනව නම්, 'සමරිසි, සමලිංගික' යන යෙදුම්වලින් අප හඳුන්වන පිරිස් ගැන ඔබ අහලා ඇති. ඒ වගේම ඒ අය අතුරින් බොහෝ දෙනෙක් තමන්ට උපතින් ලැබෙන ලිංගික අවයව වෙනස් කරන්නට පෙළඹෙන්නේ ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරයේ සිදුවන ජානමය වෙනස්වීම් එක්කයි. ඒත් ඇත්තටම ලෝකයේ විවිධ රටවල මේ දෙවල් සිද්ධ වෙන්නේ ඔවුන්ගේ කැමැත්ත මතයි.
 
හැබැයි මේ කියන්න හදන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. කැනඩාවේ රයිමර් කියන යුවළට දාව 1965 අගෝස්තු මාසේ 22 දා පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකු උපත ලබනවා. ඔවුන් බෲස් සහ බ්‍රයින් ලෙසයි නම් කරනු ලබන්නේ.


මේ නිවුන් දරුවෝ දෙන්නා ඉපදීලා ටික කාලයකින් පිරිමි දරුවන්ට සාමාන්‍යයෙන් සිදු කරන සුන්නත් සැත්කම් සිදු කරන්න තීරණය කරනවා. මේ සඳහා මුලින්ම තෝරාගන්නේ බෲස්. 1966 දී සිද්ධ වෙන මේ සැත්කම සිදු කිරීමට පිළිස්සුමක් භාවිතා කරන නමුත්, බෲස්ගේ අවාසනාවට ඒ සැත්කම වැරදෙනවා. එයින් සිද්ධ වෙන්නේ බෲස්ට තමන්ගේ පුරුෂ ලිංගය අහිමිව යාමයි. එය නැවත සකස් කළ නොහැකි අයුරින් හානි වෙනවා.
 
දරුවාගේ ජිවිතය බේරාගැනීම වෙනුවෙන් වෛද්‍යවරු තීරණය කරනවා, ඔහුගේ පුරුෂ ලිංගය ඉවත් කිරීමට. ඒ අතරතුර 'ජෝන් මනී' කියන මනෝ විශේෂඥයා බෲස්ගේ දෙමව්පියන්ට අපූරූ යෝජනාවක් ගෙනාවා. ඒ තමයි බෲස්ව 'ගැහැණු ළමයෙකු බවට පත් කරමු' කියන යෝජනාව. ඒකේ ප්‍රථිපලයක් විදිහට බෲස් තවදුරටත් පිරිමි දරුවෙකු වුණේ නැහැ. ඔහුගේ ලිංගික පෙදෙස ස්ත්‍රී ලිංගයකට අනුව සකසන අතර කාන්තා හෝමෝන එන්නත් කිරීමත් සිදු කරනවා. බෲස් ලෙසින් හඳුන්වා දුන් ඔහු එදා ඉඳන් 'බ්‍රෙන්ඩා' ලෙස නම් කරනු ලැබුවා.
 
'ජෝන් මනී' වෛද්‍යවරයා විසින් සිදුකරනු ලැබු මේ සැත්කම අර්බුදයක් බවට පත් වන්නේ වසර 13කට පමණ පසුවයි. කුඩා කාලයේදී තමන්ට තමන් ගැන යමක් නොතේරුණු බෲස් එහෙම නැත්තම් බ්‍රෙන්ඩා තමන්ගේ ශරීර අභ්‍යන්තරයේ තමන්ට දැනෙන වෙනස ගැන මවට කියන්න ගත්තා. ඒ කියන්නේ තමන් පිරිමියෙකු ලෙස තමන්ට හැඟෙන බවයි ඔහු සඳහන් කළේ. ඒ වගේම ආයෙම වෛද්‍ය මනී වෙතට යාමට ප්‍රතික්ෂේප කළ ඔහු තමා ඔහු ළඟට ගෙන ගියහොත් දිවි නසා ගන්නා බව මවට පැවසුවා.
 
ඉතින් අවසානයේදී බ්‍රෙන්ඩාට, තමා ගැහැණියක් බවට පත්වූ ඛේදාන්ත පුවත දැන කියා ගන්නට ලැබෙනවා. මෙයින් මානසිකව කඩාගෙන වැටුණූ ඔහු නැවතත් පිරිමියෙකු වන්නට තීරණයක් ගන්නවා. ඒ තීරණය කොතෙක් බරපතල වේවීද කියලා ඔහු හිතන්නට නැතුව ඇති. කොහොම වුණත් සැත්කමක් මඟින් සිය පියයුරු ඉවත් කරගන්න බ්‍රෙන්ඩා එහෙම නැත්තම් බෲස් පසුසැත්කමකින් පුරුෂ ලිංගයක් නිර්මාණය කරගන්නවා. එමෙන්ම මුලින් බෲස් ලෙස නම් ලැබූ, අනතුරුව බ්‍රෙන්ඩා ලෙසින් හැඳින්වූ ඔහු නැවත 'ඩේවිඩ්' ලෙස නම වෙනස් කරගන්නවා.
 
ඇත්තෙන්ම බෲස්ට මේ විනාශය සිදුකළ වෛද්‍ය ජෝන් මනීගේ පරමාර්ථය වුණේ එකම ජාන සැකැස්මක් ඇති මේ නිවුන් සහෝදරයන් යොදා ගනිමින් සදාචාරාත්මක නොව පරීක්ෂණයක් අත්හදා බැලීමයි.
 
කොහොම වුණත් 1990 සැප්තැම්බර් මාසයේදී ඔහු ජේන් ෆොන්ටන් නම් තරුණියක් සමඟ විවාහ දිවියට එළඹෙන අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකුද උපත ලබනවා.

නමුත් විවාහ දිවියද අසාර්ථක වන ඔහු පසුකාලයකදී තමන්ට සිදු වූ අසාධාරණය ගැන ලෝකයට හෙළිදරව් කළා. බෲස් නොහොත් ඩේවිඩ් 2004 මැයි මාසේ 4 වෙනිදා සිය දිවි හානිකරගන්නවා.
 
කොහොම වුණත් කැනේඩියානු වෛද්‍ය ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ මෙම සංවේදී සිදුවීම ගැන අදටත් බොහෝ දෙනා කතාබහ කරනවා.

බෲස්ට මෙම සැත්කම සිදුකළ වෛද්‍යවරයා පහත ඡායාරූපයේ...

 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top