හික්කඩුව තිරානගම ප්‍රදේෂයේ නිවසකට පැමිණි විශාල පිබුරකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබුණා.
එම ප්‍රදේශයේ නිවසක ගෙහිමියෙකු බල්ලන් බුරන සද්දය ඇසී විපරම් කිරීමේදී දැක ඇත්තේ විශාල පිබුරෙකු බලුකූඩුව අසල සිටින බවයි.
පසුව ඔහු විසින් ප්‍රදේශවාසින්ට දන්වා පිඹුරා අල්ලා බැරල් එකකට දමා තිබෙනවා.
අවට නිවාස වලද කුඩා ළමයි සහ වටිනා බල්ලන් සිටින නිසා ප්‍රදේශවාසින් මේ දිනවල බියෙන් පසුවන බවයි ඔහු පැවසුවේ.
නිලධාරින් පැමිනෙනකන් ප්‍රදේශවාසින් පිඹුරා බැරලයෙන් එලියට ගෙන පාරේ දමා වතුර නලයකින් නාවා පිරිසිදු කරලා.
මේ පිඹුරාගේ දිග අඩි 10.5 ක්.
ප්‍රදේශයේ තරැණයන් එක්ව පිබුරා කරේ තබාලෙන පින්තූරද ලබාගෙන තිබෙනවා.
හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු පැමිණ පිබුරා ඇල්ලීමට උත්සහ කිරීමේදී එක් නිලධාරියෙක් සපා කෑමට පිබුරා ඇගටද පැන තිබෙනවා.