අපි පැරදුනේ සීනියර්ස්ලගෙයි තෝරපු අයගෙයි වරදින්ප්රවීණ ක්‍රීඩකයෝ වාර්තා තියලා ගෙදර යයි.දැන් ඉන්න ක්‍රීඩකයන්ට කණ්ඩායම තුළ ස්ථාවරත්වයක් නෑ.
ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමත් සමඟින් ලෝක කුසලානයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ අර්ජුන රණතුංග මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වා තිබෙනවා. ඔහු එහිදී සඳහන් කර ඇත්තේ ප්‍රවීණ ක්‍රීඩකයන් විශ්‍රාම යාමේදී තරුණ ක්‍රීඩකයන් සකස් කිරීමට තේරීම් කමිටුව කටයුතු නොකළ බවයි.
ලෝක කුසලානයෙන් පස්සේ අපට ප්‍රශ්න එනවා. මොකද ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් විශ්‍රාම යනවා. හැබැයි මේ කාලේ වෙනකොට තේරිම් කමිටුවවත්, ප්‍රවීණ ක්‍රීඩකයන්වත් තරුණ ක්‍රීඩකයන් හදාගන්න හැදුවේ නෑ.