මිලිමීටර් 194.8ක වැඩිම වර්ෂාපතනය කුලියාපිටිය ප්රදේශයට...
දිස්ත්රික්ක 12ක පවුල් 10,000ක් පීඩාවට
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ පළාත්වලටත් මෙන්ම ගාල්ල, මාතර දිස්ත්රික්කවලටත් අද පස්වරුවේ මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි.
එමෙන්ම කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70, 80 දක්වා තාවකාලිකව ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.