අමානුෂික බිරිඳ මුලින් පොලීසියට බොරු කියලා.....
සැමියාට සැක නොසිතෙන ලෙස බදාගෙන ආදරයෙන් වෙලී ඉඳලා....
අනියම් පෙම, ජීවිත කිහිපයක් මෙලොවින් තුරන් කිරීමට මඟ පාදන එක් සාධකයකි. මේ තත්ත්වය අද වන විට සමාජය පුරා ඔඩු දිවූ මහා පිළිලයක් තරමටම පත්ව තිබීම කනගාටුවට කරුණකි. එකම බත්පත බෙදා හදා ගනිමින් ජීවිතයද බෙදාහදා ගත් අඹුසැමියන් මේ ආකාරයට අතිශය රුදුරු ලෙස එකිනෙකා අතින් මරුමුවට පත්වන්නේ ඉතා ශෝචනීය පුවත් ඉතිරි කර තබාය. ඒ කතා බොහෝමයකින් කියැවෙන්නේ අනියම් සබඳතාවල තොරතුරුය.
“සර්.. එදා අපේ ගෙදර වතුර කපලා. මම ළමයි තුන්දෙනාවත් අරගෙන පාදුක්කෙ අරුක්වත්තෙ ගනේගොඩ අපේ මහ ගෙදරට ගියා. පහුවදා උදේ දරුවන් ඉස්කෝලේ යවලා මම එයාට කෝල් එකක් ගත්තා. කිසිම උත්තරයක් නැහැ. බැරිම තැන මං එයාව හොයාගෙන ගෙදරට ගියා. එතකොට තමයි මම දැක්කෙ එයාව මරලා දාලා තියෙනවා.”