‘‘මගේ දිහා බලාගෙන මොනා හරි කිව්වා..“
‘‘වෙනුරට තරහා ගිහින් පැනලා ඒ අයට ගැහුවා..“
‘‘තට්ටයා ඕකට ගහනවා කියලා අනං මනං කිවුවා..“
‘‘මැනේජර් උස්සන් යද්දි මට ගැහුවා හොඳටම..“
කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ඊයේ (15) රාත්‍රියේ පැවති සාදයක දී මෝස්තර නිරූපීකාවක් සහ රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලි සමග පැමිණි පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයන් පිරිසකට පහර දුන් සිද්ධියේ පහර කෑමට ලක් වූ අයෙකු රෝහලේ සිට සිද්ධිය හිරු ගොසිප් වෙත විස්තර කළා.
ජනමාධ්‍ය ආයතන කිහිපයකට සම්බන්ධ පිරිසක් කිරිබත්ගොඩ පිහිටි හෝටලයක සාදයකට සහභාගී වී ඇත්තේ රාජ්‍ය නිලධාරියෙකුගේ ආරාධනයෙන්.