Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නිවසට ඇතුල් වෙලා දුවට අතවර කරන්න උත්සහ කරලා
මගේ සිරුරේ හැමතැනම තුවාල. මගේ දුවගෙත් තුවාල තිබෙනවා

පුද්ගලයන් පිරිසක් පැමිණ තමන් දූෂණය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ විරෝධය පෑම නිසා ‘‘දඬුවමක් වශයෙන්” ඊට ගොදුරු වූ කාන්තාවන් දෙදෙනාගේ හිස බූ ගෑමේ සිදුවීමක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

ඉහත කී සිදුවීමට මුහුණ දී ඇත්තේ මවක් සහ ඇයගේ දියණියයි.

ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
views500 Views
comment

විවිධ අවස්ථාවලදී ගුවන් යානා හා ගුවන් යානා කොටස් තමන්ගේ නිර්මාණ සඳහා යොදාගැනීම නව ප්‍රවණතාවයක් වී තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ පදිංචි ජොඈන් උසෙරි කොණ්ඩා සැකසුම් ශිල්පිනියක් වන අතර ඇයගේ නිවස ළැව් ගින්නකට හසුවී විනාශ වීමත් සමඟ බෙනොයි ප්‍රදේශයේ විලක් අසල ලස්සන නි‍වසක් සෑදීමට ඇයට අවශ්‍ය වී තිබෙනවා. නමුත් කැරවෑනයක් වැනි කුඩා නිවසකට ඇය අකමැති වී තිබෙන නිසා ඇයගේ මස්සිනා වන ගුවන් තොටුපළක සේවය කරනා බොබ් ෆැරොව් ඇයට අත්හැර දමන ලද ගුවන් යානයක් භාවිතා කිරීමේ අදහස ඉදිරිපත් කර තිබෙන්නේ.
views424 Views
comment

ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්ත සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකරගේ වැඩිමහල් පුතු ජුලි 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

26 හැවිරිදි ඉෂාන් චතුරංග අබේසේකර නම් සැකකරු හලාවත පොලීසියට අද භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.
views308 Views
comment
ජැක්සන් ඇන්තනි, කුමාරි මුණසිංහ කියන්නේ ශ්‍රී ලාංකේය කලාකෙත රංගනයෙන් ගීතයෙන් පෝෂණය කරන කලාකරුවන් යුවලක්.

ඔවුන්ගේ දරුවන් වන මාධවී වත්සලා, අකිල වගේම සජිතත් කලාවට සම්බන්ධයි. වේදිකාව, ටෙලි නාට්‍ය වගේම සිනමාව ගීතය මේ කිසිම කෙනෙකුට අරුමයක් ආගන්තුක දෙයක් නෙමෙයි.

ඒ වගේම මේ සොඳුරු පවුලට අද (01) දිනය විශේෂයි. ඒ ප්‍රවීණ නිළියක් මෙන්ම ගායිකාවක් වන කුමාරි මුණසිංහගේ උපන්දිනය නිසයි.
views2,520 Views
comment
2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟයේ කාසියේ වාසිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට හිමි වුණ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
views441 Views
comment
හදිසියේ ඇති වූ හිම කුණාටුවක් නිසා අඩි පහක් පමණ උසකට මාර්ගයේ යෝධ හිම කැට ගොඩ ගැසී ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

යුරෝපා රටවල් බොහොමයක මේ දිනවල අධික රශ්මිය නිසා පිඩා විදින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරද්දී මෙක්සිකෝවේ අධික හිමපතනය ගැන වාර්තා වෙනවා. මෙක්සිකෝවේ Jalisco යන ප්‍රාන්තයටම මේ දිනවල පවතින්නේ අධික සීතල කාලගුණයක්. මේ හේතුවෙන් හිම කුණාටුවක් එහි ප්‍රදේශ කිහිපයකම හමා ගොස් තිබෙන අතර ඉන් නිවාස, වාහන, ගොඩනැගිලි මෙන්ම මාර්ග හානි වී ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
views491 Views
comment
මේ මතකය මගේ හදවතේ විශේෂ තැනක් ගන්නවා...

ඔහුව දවසකට හරි සතුටින් තැබූ සියලුම දෙනාට ස්තුතියි..

ආදරය කියන්නේ අපුරූ බැදීමක්. එම බැදීම් හරිම ශක්තිමත් අවංක ආදර තුළ. ඒ වගේ අවංක ආදරයක් දුක්ඛිතව අවසන් වූ සංවේදී කතාවක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
මේ පුවත වාර්තා වෙන්නේ නවසීලන්තයෙන්.
 
Navar Herbert කියන්නේ වයස අවුරුදු 22ක තරුණයෙක්. ඔහු එරට ක්‍රීඩා සමාජයක පාපන්දු ක්‍රීඩකයෙක්.
 
ඔහුට ඔහුගේ සිතුම් පැතුම් තේරුම් ගෙන ආදරය කරන යුවතියක් මුණගැහෙනවා. ඇය නමින් Maia.
views336 Views
comment
නයි පනික්කියෙකු ලවා පොළඟකු දෂ්ඨ කිරීමට සලස්වා සිය බිරිඳ මරා දැමීමට සැලසුම්කර දෙවරක් බිරිඳගේ ඇඟට පොළඟා දැමීමට සැලැස්වූ සැමියෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලිසිය පරීක්ෂණ අරඹා ඇති බව සදහන්.

ඊයේ (30) පෙරවරුවේ තම නිවසේ සිටියදී මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ ගම්පහ නගරයට නුදුරින් පිහිටි ප්‍රදේශයක පදිංචි 52 හැවිරිදි එක් දරු මවක් බවත් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු ඇමතුමකින් දැනුම්දී ඇත්තේ තම සැමියා විසින් සර්පයෙකු ඇඟට දමා තමාව මරා දැමීමට තැත් කළ බවයි.
views561 Views
comment
ක්‍රිකට් කියන්නේ එක්තරා විදියකට උන්මාදයක්. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. මේ ක්‍රිකට් ලෝකයේ වෙන අසාමාන්‍ය සිද්ධි පවා තියෙනවා.

සාමාන්‍ය ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් විදියට නේ සලකන්නේ. හැබැයි ඒ මහත්වරුම ක්‍රිකට් ක්‍රීඩාව කෙලෙසන අවස්ථා තියෙනවා.
 
ඉතින් මේ කියන්න යන්නේ ලිංගික දුෂණවලට මාට්ටු වෙලා හිරේ ගිය ක්‍රීඩකයන් ගැන.
views449 Views
comment
" ඇත්තටම දැන් මගෙයි අසේලගෙයි ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා..."

"එයාව අතට දුන්නම හැම වේදනාවක්ම නැති වෙලා ගියා.."

නර්ථනයෙන් සියළු ඇස් ඇය වෙත හරවා ගත් ඇය පසුව විවිධ චරිත ඔස්සේ  ජනතාවට සමීප වුණා. නිරෝෂා තලගලගේ නර්ථන හා රංගන දක්ෂතා නිසාම හැමදාමත් ජනතාව ඇයට ආදරය කළා. ඇය තාවකාලිකව රංගනයෙන් සමුගත්තත් ඇයට තවමත් බොහෝ දෙනෙක් ආදරෙයි. දැන් ඇය ආදරණිය දියණියකට ආදරණිය මවක්. අලුත උපන් සිගිත්තිය ගැන නිරෝෂා කියන්නේ මෙහෙමයි.
views569 Views
comment
“ඇත්තෙන්ම එය අසිරිමත් මොහොතක්. මතුපිටින් විවිධ දේ ආලේපනය කොට විනාශ කර දමා තිබුණු එම සිතුවම නැවත මතු කර ගැනීමට අතිසූක්‍ෂම ලෙස වසර පහක් තිස්සේ මා දැරූ උත්සාහය මල්පල ගැන්වමින් තිබුණා. තව ඉතිරිව තිබුණේ මුහුණේ සියුම් රේඛා, විශේෂයෙන්ම මුඛය ආශ්‍රීත රේඛා කිහිපයක් මතු කර ගැනීම පමණයි.."

"මම ලියනාඩෝ ඩා වින්සි විසින් අඳින ලද මොනාලිසාගේ මුල් රූපයේ ඇති රේඛා සංසන්දනාත්මකව විග්‍රහ කළා. 
එහිදී මට වැටහුණා මේ සිතුවම් දෙකම එකම අතකින් නිම වූවක් බව. ඔව්, අවසානයේ අප අතුරුදන්ව තිබූ මුල් සිතුවම මතු කර ගත්තා.”

මේ සිතුවම් සංරක්ෂණ විශේෂඥවරියක වන ඩයාත් මාඩෙසටිනී සතුටු කඳුළක්ද නෙතග රඳවමින් පළ කළ අදහස්වලින් බිඳකි.
views566 Views
comment
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මනාලියන් ඇය අතින් හැඩවූ නිසා ඇයගේ නම ඇසූ සැණින්, රූපය දුටු පමණින් ඒ කවුරුන්ද යන්න බොහෝ දෙනෙක් දන්නවා. ඇය නමින් චම්පි සිරිවර්ධන. ලස්සන මනාලියන් බොහොමයක් හැඩගැන්වූ චමිපිගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගියදා.

ඒ වෙනුවෙන් ඇයව පුදුම කරමින් උපන්දින උත්සවයක් පැවැත්වුණා. එහි ඡායාරූප පහතින්
views781 Views
comment
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු ඉහළ නංවමින් පාකිස්ථාන කණ්ඩායම පෙරේදා සමත් වුණා.

ඒ ලීඩ්ස් හිදී පැවැති තරඟයේ කඩුලු 3ක තියුණු ජයක් ලබා ගනිමින්.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 227ක් ලබා ගැනීමට සමත් වුණා.
views391 Views
comment
"මම කවුරුවත් අනුකරණය කරන්නෙ නැහැ. මට ඕන දේ මම කරනවා..."

" ෆැෂන් විවාහය නිසා වෙනස් කරන්න ඕන නැහැ.."

පියුමි ශ්‍රී නායක කියන්නේ සමාජ මාධ්‍ය නිරන්තරයෙන්ම කලඹන යුවතියක්. රූපය හා විලාසිතා නිසා හැමෝම කතා කරන පියුමි නිරූපණ ශිල්පිනියක් වගේම නිලියක්. නිර්මාණ කිහිපයකින්ම දැකගන්න ලැබෙන ඇය ගැනයි මේ.
views374 Views
comment
මේ දවස්වල ඉන්දීය සමාජ ජාල හරහා එක්තරා වීඩියෝවක් වෛරසයක් මෙන් සැරිසරනවා.
 
එහි දැක්වෙන්නේ මොම්බායි ගුවන්තොටුපලේ ආරක්‍ෂක නිලධාරීන් විසින් දීපිකා පදුකෝන් ගේ ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටීමයි.
 
එම අවස්ථාවේදී කිසිදු පැකිළීමකින් තොරව දීපිකා ඇගේ ජාතික හැඳුනුම්පත තම රාජකාරිය නිසිපරිදි ඉටු කරන ආරක්‍ෂක නිලධාරීන් වෙත ලබා දෙන අයුරු දක්නට ලැබෙනවා.
views523 Views
comment
[1]      «      4508   |   4509   |   4510      »      [5709]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top